Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2017 15:22:47 Hours

23 වන සේනාංකයේ ඉල්ලීමෙන් ‘Foundation of Goodness’ වෙතින් පාසල් නිලඇඳුම්

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ භට පිරිස් විසින් ‘Foundation of Goodness’ හි අනුග්‍රාහය ඇතිව පසුගිය දා ප්‍රාථමික විද්‍යාල සිසුන් වෙත පාසල් නිලඇඳුම් ලබාදෙන ලදි.

ඒ අනුව, රුහුණුකෙත, කඩවත්මඩුව, නාමල්ගම, පුනානි යන පාසල්වල සහ ලුම්බිණි විද්‍යාලයේ සිසුන් 440 ක් වෙත නිලඇඳුම් ලබාදුන් අතර, එක් නිලඇඳුම් කට්ටලයක වටිනාකම රුපියල් 1000 ක් වේ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙලුතිතන් කර්නල් එච්.එම්.එල්.කේ. අමුණුගම විසින් මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කළ අතර, 23 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, ‘Foundation of Goodness’ හි නිලධාරීන්, මෙම පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

spy offers | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ