Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2017 15:49:43 Hours

යාපනය භට පිරිස් වෙතින් ලේ දන්දීමක්

යාපනය ශික්ෂණ රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව එහි ලේ බැංකුවේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා 52 වන සේනාංකයේ භට පිරිස් විසින් බදාදා (01) දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී 69 වන නිදහස් දින සැමරුමට සමගාමිව ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදි.

52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චිගේ මඟපෙන්විම යටතේ පැවැත් වූ මෙම ලේ දන්දීමේ වැඩසටහනේ දී එම සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් උෂාන් ගුණවර්ධන සමඟින් 52 වන සේනාංකයේ යුද හමුදා සාමාජිකයින් 104 දෙනෙකු ලේ පරිත්‍යාග කරනු ලැබීය.

යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය එම්. සිවනිජා ඇතුලු කාර්ය මණ්ඩලය මේ සඳහා සහාය දැක්වූහ.

Adidas shoes | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD