01st February 2017 13:35:50 Hours
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 573 බලසේනාවෙහි 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් කිළිනොච්චි වට්ටකච්චි මහා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවය සඳහා අඟහරුවාදා (31) දින එම විද්‍යාල භූමිය සහ ක්‍රීඩාංගනය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත විය.
එම විද්‍යාලයේ විදුහල්පති විසින් 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු අණදෙන නිලධාරී වෙත කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පාසල් පරිශ්‍රයේ සහ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රමදාන වැඩසටහන සඳහා නිලධාරීන් 25 දෙනෙකු සහභාගි වූහ.
දැක්වූ සහයෝගය වෙනුවෙන් විද්‍යාලයේ පාසල් ළමුන් සහ ගුරුභවතුන් වෙනුවෙන් විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් යුද හමුදාපතිතුමා ඇතුළු සියලුම යුද හමුදා සාමාජිකයින් සඳහා කෘතඥතාවය පලකරනු ලැබීය.
Buy Sneakers | Hats to Match Jordans Hyper Royal Bulls Hat