02nd February 2017 19:53:39 Hours
හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි වෙහෙරපැලැස්ස කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලබන සිසුන් 113 දෙනෙක් වෙත ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීමේ අදහසින් යුද හමුදා සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ඒ.වී රූපසිංහ සහ එම ජ්‍යෙස්ඨ නිලධාරීගේ භාර්යාව ඇතුළු දානපතින් පිරිසක් විසින් නොමිලේ පාසල් උපකරණ බෙදාදෙන ලදි.
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී විසින් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ පිහිටි වෙහෙරතැන්න කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ගේ අවශ්‍යතාවය හඳුනාගැනීමෙන් අනතුරුව එම පාසල මෙම වැඩසටහන සඳහා තෝරාගන්නා ලදි.
රුපියල් 75,000 ක් වටිනා මෙම පාසල් උපකරණ තොගය, මේජර් ජෙනරාල් රූපසිංහ සහ රූපසිංහ මහත්මිය සමගින් මෙම ව්‍යාපෘතිය සඳහා සහයෝගය දක්වනු ලැබූ රූපසිංහ මහත්මිගේ පවුලේ හිතවතුන් තිදෙනෙකු ඇතුළු පිරිසක් විසින් ජනවාරි මස 28 දින පැවති චාම් උත්සවයක දී විද්‍යාලයේ විදුහල්පති සහ පාසල් ළමුන් වෙත බෙදා දෙනු ලැබීය.
එම අවස්ථාව විද්‍යාලයේ පාසල් ළමුන්ගේ කලා කුසලතා විදහා දක්වමින් වර්ණවත් කරනු ලැබූ අතර, මෙම සත්කාර්ය උදෙසා විද්‍යාලයේ විදුහල්පති නියෝජනය කරමින් ගුරුවරයෙකු විසින් ස්තුති කථාව ද සිදු කරනු ලැබීය.
කර්නල් පාලන හා භට කාර්ය සම්පාදන කර්නල් බි.පී. කල්දේරා ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
latest Running Sneakers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify