Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2017 09:36:55 Hours

23 වන සේනාංක භට පිරිස් RBSD පාඨමාලාව හදාරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කළ Reality Based Martial Arts (RBSD) පාඨමාලාව ඉරිදා (29) දින 23 වන සේනාංක මුලස්ථානයේ දී අවසන් විය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩි.ඩි.යු.කේ. හෙට්ටිආරච්චිගේ මඟපෙන්විම යටතේ 23 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ වැඩකරන දින 30 පුරා පැවැත් වූ RBSD පාඨමාලාවේ සමාප්ති දේශනය නැගෙනහිර ආරක්ෂ සේනා ආඥාපති විසින් සිදු කළහ.

නිලධාරින් 03 ක් සහ සෙසු නිලයින් 52 ක් මෙම පාඨමාලාව හැදැරූ අතර, ඒ සඳහා 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුව සහාය දැක්වූහ.

23 වන සේනාංකයේ සේනාංකාධිපති, 231, 232 සහ 233 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම සමාප්ති උත්සවයේ දේශනයට සවන්දුන්හ.

best Running shoes | Nike nike dunk high supreme polka dot background , Gov