Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2017 09:35:35 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයෙත් ඩෙංගු මර්ධන වැඩසටහන්

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන් ඩෙංගු මදුරු උවදුර දුරලීමේ ජාතික ව්‍යාපාරයට දායකවෙමින් ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන 2016 දෙසැම්බර් මස සිට 2017 ජනවාරි මස දක්වා සතියකට දින 03 ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

තවද, සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන, සේනාංක මුලස්ථාන, බලසේනා මුලස්ථාන, ඒකක හා පුහුණු පාසල් තුල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා යුද හමුදා විධායක ජෙනරාල් ශාඛාව විසින් උපදෙස් ලබා දී ඇත.

trace affiliate link | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival