31st January 2017 09:33:34 Hours
සන්නද්ධ බුද්ධි බලකායේ භට පිරිස් බදාදා (25) දින කරන්දෙණිය ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සිය 24 වන බලකා දිනය සමරන ලදි.
එහි පැමිණි සන්නද්ධ බුද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් කර්නල් සේනාවිධායක පිළිගැනීමෙන් අනතුරුව භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමිම සිදු කෙරිනි.
එමෙන්ම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපනය කළ අතර, ඉන්පසු පැවති දිවා භෝජන සංග්‍රහයට ද සියලුදෙනාම සහභාගි වූහ.
එහිදි, සන්නද්ධ බුද්ධි බලකායේ මියගිය රණවිරුවන් සිහි කිරීම, එම රණවිරුවන්ගේ සහ දැනට සේවයේ නියුතු රණවිරුවන්ගේ දුදරුවන් වෙත ත්‍යාග පිරිනැමිම ද සිදුකළහ.
short url link | Nike Off-White