31st January 2017 09:25:43 Hours
ගිරිතලේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා පුහුණු පාසලේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති නව නිලධාරී නිවස්නය පසුගිය දා විවෘත කරන ලදි.
පොලිස් හේවා බලකා පාසලේ සේනාවිධායක ලුතිතන් කර්නල් ආර්.ඩි. සලේ ගේ මඟපෙන්විම යටතේ සිදු කළ මෙම ව්‍යාපෘතිය එම පාසල විසින් උපයාගන්නා ලද අරමුදල්, දේශීය සම්පත් හා තාක්ෂණික දැනුම උපයෝගී කර ගනිමින් මාස පහක කාලයක් තුළ අවසන් කරන ලදි.
ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් වි.එන්. කොස්වත්ත විසින් ගිරිතලේ පැවති චාම් උත්සවයක දී මෙම නිලධාරී නිවස්නය විවෘත කිරීම සිදුකෙරිනි.
මෙම විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසෙ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ඇතුලු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් රාත්‍රී භෝජන සංග්‍රාහයක් ද පවත්වන ලදි.
bridgemedia | Jordan Ανδρικά • Summer SALE έως -50%