31st January 2017 09:40:11 Hours
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගෞතරිමුණෙයි, පල්ලිකුඩා, ගනිමඩම්, වලෙයිපාඩු, පලවි සහ පොන්නවෙලි ග්‍රාම සේවා වසම්හි නියඟයෙන් පීඩාවිඳින සිවිල්වැසියන් සඳහා කඩිනම් සහන පියවරක් ලෙස 66 වන සේනාංකය විසින් පසුගිය දා ලීටර් 19 වතුර බෝතල් 800 ක් බෙදාදීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
ඒ අනුව පවුල් 560 ක් වෙත මෙම වතුර බෝතල් බෙදාදුන් අතර, මේ සඳහා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පියල් කැප්පෙටිවලාන මහතා, සුරේෂ් නාලිංගම් මහතා සහ චමින්ද ජයසුන්දර මහතා විසින් අනුග්‍රාහය දැක්වූහ.
තවද, මෙම වැඩසටහන 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩි.සි. කැප්පෙටිවලානගේ අධික්ෂණය යටතේ 661 සහ 663 වන බලසේනා බලසේනාධිපතිවරුන්ගේ මඟපෙන්විමෙන් ක්‍රියාත්මක කෙරිනි.
Running sneakers | Nike Shoes