Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2017 10:39:06 Hours

ගෞරවාන්විත සිංහ රෙජිමේන්තුව වෙත ජනාධිපති යෂ්ටිය ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් ගෞරවාන්විත පාබල ඒකකයක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ප්‍රථම වරට ජනාධිපති යෂ්ටිය හා රෙජිමේන්තු යෂ්ටිය පිරිනැමිම සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සඳුදා (30) දින අබේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී උත්සවාකාරයෙන් සිදු කරන ලදි.

ඉතිහාසයේ පළමු වරට පිලගන්වනු ලබන මෙම ජනාධිපති යෂ්ටිය, රටට සහ රෙජිමේන්තුවට ගෞරවනීය වර්ණයන්වලට හා සමාන වන අතර, මෙය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් ලබාගත් අසමසම ජයග්‍රහණ, එඩිතරබව, කැපවීම සහ සුවිශේෂී වූ දක්ෂතා වෙනුවෙන් කදිම තිළිණයක් ලෙස හැඳින්විය හැක.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සහ ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපතිතුමා මෙම අවස්ථාවට සපැමිණි අතර, මෙම ඓතිහාසික අවස්ථාවට ගෞරවයක් සහ වැඩි පිළිගැනීමක් එක් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්වරයා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙන් බිහි වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම විශිෂ්ඨ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තියත් සමඟ ආරම්භ වූ අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් එතුමන් පිළිගන්නා ලදි. අනතුරුව, යුද හමුදා සම්පදායානුකුලව ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සම්මාන මුරය පසුකරගෙන යාමක් (drive-past) ද පිරිනමන ලදි.

ඉන්පසු, උත්සවයේ ප්‍රධාන අංගය ලෙස අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු වෙත යෂ්ටිය පිරිනැමිමේ නිළ ප්‍රකාශය හා එය පිරිනැමිමට හේතු වූ කරුණු පිළිබඳ ප්‍රකාශය කියවන ලදි. මෙම ප්‍රකාශය අතරතුර දී අතිගරු ජනාධිපතිතුමා විසින් මව්බිමේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීභාවය රැකගැනීම වෙනුවෙන් සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිදුකල අමිල සේවය පිළිබඳවද සඳහන් කෙරිනි. එම යෂ්ටිය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් සෑමවිටම එම යෂ්ටිය සඳහා එයට අදාල ගෞරවය සහ පිළිගැනීම ලබාදෙන බව ද එහිදි පැවසීය.

ෆීල්ඩි මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුලු සම්භාවනීය අමුත්තන් ද යුද හමුදා ඉතිහාසයේ ප්‍රථමයෙන් පැවති මෙම අවස්ථාව නැරඹිම සඳහා එක්ව සිටියහ.

එම අවස්ථාවෙන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා හට හොල්සිම් පදනම මඟින් ස්විස්ටර්ලන්තයේ දී 4 වන වරටත් පවත්වන ලද ජාත්‍යන්තර පරිසර හිතකාමි ඉදිකිරිම් තරඟාවලියේ දී රිදී පදක්කම හිමිකර ගත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සෙබලුන්ගේ නිර්මාණයක් වූ පරිසර හිතකාමි සෙබල ප්‍රජා කෙන්ද්‍රීය පුස්තකාලය උත්සකාරයෙන් විවෘත කිරීම සඳහා ද අරාධනා කරන ලදි. මෙහි සම්පුර්ණ ඉදිකිරිම් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ සංකල්පයකට අනුව, රෝබස්ට් ආකිටෙක්චර් වර්ක්ෂොප් සමාගමේ ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පි මිලින්ද පතිරාච මහතාගේ තාක්ෂණික දැනුමේ දායකත්වය යටතේ කිසිදු පරිසර හා භූ විද්‍යාත්මක හානියකින් තොරව සිදු කළහ. මෙම තරඟාවලිය සඳහා රටවල් 155 කින් නිර්මාණ 6000 ක් පමණ ඉදිරිපත් කර තිබූ අතර, එහිදි රන් පදක්කම කොළොම්බියාවටත්, රිදී පදක්කම ශ්‍රී ලංකාවටත් හිමිවිය.

මෙම පුස්තකාලය විවෘත කිරිමෙන් අනතුරුව ජනාධිපතිතුමා, විදුරුවලින්, යකඩ වැටකින්, ලී සහ විදුලි උපකරණවලින් සමන්විත එහි එහි ඇතුලත ද නිරික්ෂනය කරන ලදි. මෙම පුස්තකාලයේ සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත වන අතර, ඕනෑම යුද හමුදා නිලධාරීයෙකු හෝ සෙබලෙකු හට පහසුවෙන් එය පරිහරනය කිරීමට ද අවස්ථාව උදා කර දී ඇත. තවද, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම පුස්කාලය පිළිබදව තොරාතුරු ද එහිදි සොයා බැලුහ.

එමෙන්ම, යුද හමුදාව වසර 2020 වන විට අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ සංකල්පය අනුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මෙම පුස්තකාලය නිර්මාණය කර ඇත.

මෙම උත්කර්ශවත් උත්සවය ජාතිකා ගීය ගායනය කිරිමෙන් අනතුරුව නිමාවට පත් වූ අතර, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඔවුන්ගේ බිරින්දෑවරුන්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, ජ්‍යෙෂ්ෆ නිලධාරීන් ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 1956 ඔක්තොම්බර් මස 01 වන දින දියතලාව ඉම්පීරියල් කඳවුරේ දී ආරම්භ කළ අතර, බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ ‘ග්‍රීන්ජැකට්ස්’ හා ආභාෂය ඇතිව බිහිවන ලදි. සිංහ රෙජිමේන්තුව රටට හා ජනතාවට කළ සේවය අගයා මෙතෙක් වර්ණ ප්‍රදානය කර නොමැත්තේ රයිෆල් රෙජිමේන්තු වර්ණ නොදරයි යන බ්‍රිතාන්‍ය හමුදා සම්ප්‍රදාය ආරක්ෂා කිරීමහේතුවෙනි.

අද නවවිටත්, බ්‍රිතාන්‍ය යුද හමුදාවේ රයිෆල් රෙජිමේන්තු ද්විත්වයක් පවතින අතර, බ්‍රිතාන්‍යයේ ග්‍රීන් ජැකට්ස් ගුර්කා රයිෆල් රෙජිමේන්තු වර්ණ වෙනුවට බ්‍රිතාන්‍ය රැජින විසින් පිරිනමනු ලැබූ විශේෂිත රැජින යෂ්ටිය සෑම අවස්ථාවකදීම භාවිතා කරනු ලැබේ.

මෙම යෂ්ටි අඩි 06 ක් පමණ උසකින් යුක්ත වන අතර, තඔ සහ රිදියෙන් නිර්මාණය කර ඇත.මෙය පෙළපාලි සහ උත්සව සඳහා සැරයන්වරු දෙදෙනෙකු සහ කෝප්‍රල්වරු දෙදෙනෙකු පිරිවරා රුගෙනයනු ලැබේ.

Best Sneakers | nike air force 1 shadow , eBay