30th January 2017 09:42:53 Hours
සෙබලුන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් යුතුව සංවේදී සම්බන්ධතාවයන්, මිනිසුන් අතර සම්බන්ධතා, මිනිස් ජීවිත ආදිය පිළිබඳ පුළුල් පරාසයක අවබෝධයක් ලබාදීම, වගකීම්, මෙන්ම නිවැරදි ඉදිරි දර්ශනය පිළිබඳ නව්‍ය වැඩසටහනක් වූ ‘Yalu-Tholen’ නමින් සියලුලෝම මනුෂයෝ ය යන තේමාව යටතේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී සෙනසුරාදා (21) දින ‘Sunday Apple’ පුවත්පත් කාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් ‘මානව සම්බන්ධතා සහ මනුෂ්‍යත්වය සංවර්ධන’ සංකල්පය මුල් කර ගනිමින් වැඩසටහනක් පවත්වන ලදි.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විම යටතේ පශ්චාත් යුද සමයේ සංහිඳියාව සහ සහජීවනය ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ව්‍යාපෘතීයක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කළ අතර, මේ සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් සිය ගණනක් එක්ව සිටියහ.
අවසානයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති සහ ‘Sunday Apple’ පුවත්පත් කාර්ය මණ්ඩලය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්,අනෙකුත් නිලධාරීන් සහ භට පිරිස් ද සහභාගි වූහ.
Sportswear Design | adidas