Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2017 08:17:07 Hours

ඉන්දීයාවේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලිය සඳහා දාශ්‍යාබාධිත යුද හමුදා විරුවන් තරඟවදියි

ඉදිරියේ දී ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන දෘශ්‍යාබාධිත කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංගමය විසින් යුද හමුදාවේ දාශ්‍යාබාධිත විරුවන් 04 දෙනෙකු තොරා ගන්නා ලදි.

දාශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා පැවැත්වෙන මෙම ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලිය සෙනසුරාදා (28) දින ඉන්දීයාවේ නව දිල්ලි නුවර දී ආරම්භ වන අතර, දිවයිනේ විවිධ දක්ෂතා සහිත 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන අවස්ථාව මෙය වේ.

තවද මෙම තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියා, එංගලන්ත, ඉන්දීය, නවසීලන්ත, පකිස්තානු, දකුණු අප්‍රිකානු, බංගලාදේශ, නේපාල සහ බටහිර ඉන්දීය කණ්ඩායම් ද සහභාගි වේ. ජනවාරි 29 සිට පෙබරවාරි මස 12 වන දින දක්වා පැවැත්වෙන මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් නවසීලන්ත කණ්ඩායම සමඟින් තරඟවදින අතර, බටහිර ඉන්දීය, පකිස්තානු, ඉන්දීය සහ නේපාල කණ්ඩායම් සමඟින් ද තරඟවඳිනු ඇත.

යුද හමුදාපතිතුමා විසින් විස්සයි 20 ලෝක කුසලාන කණ්ඩායම නියෝජනය කරන මෙම දාශ්‍යාබාධිත රණවිරුවන් සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳ සොයාබලන ලෙස යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ වෙත උපදෙස් ලබාදෙන ලදි.

ක්‍රිකට්ලෝලී රටවල්වල සහයෝගය ඇතිව 1996 වර්ෂයේ ලෝක දාශ්‍යාබාධිත ක්‍රිකට් කවුන්සිලය යටතේ දෘශ්‍යාබාධිතවුවන් හා අර්ධ දෘශ්‍යාබාධිතවුවන් වෙනුවෙන් මෙය ආරම්භ කරන ලදි.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ සත්කාර දායකත්වය ඉන්දීයාව විසින් උසුලන අතර, මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවිම් කටයුතු සහ තෝරාගැනීමේ තරඟ දෘශ්‍යාබාධිතවුවන් සඳහා වූ ජාතික ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදි.

කෝප්‍රල් ජේ.පි.ඩි. රවින්ද්‍ර, කෝප්‍රල් අයි.ඒ.ජි. සමන් කුමාර, කෝප්‍රල් අයි.ඩි.කේ. සහන් කුමාර සහ කෝප්‍රල් ඩබ්.ජි.එල්.එස්. බණ්ඩාර මෙම තරඟාවලියට සහභාගීවිම සඳහා තෝරාගන්නා ලද යුද හමුදා රණවිරුවන් වේ.

Nike Sneakers Store | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite