Header

Sri Lanka Army

Defender of the Nation

24th January 2017 08:24:11 Hours

මියගිය සෙබළාගේ පවුල වෙත සම්පත් නුවරින් නව නිවසක්

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ 62 වන සේනාංකයේ ස්ථාපිත 17 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, ‘ආර්යා’ පදනම හා එක්ව 2014 වර්ෂයේ තන්තිරිමලේ 5 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බළමුළු මුලස්ථානයේ රාජකාරි කරමින් සිටිය දී සම්පත් නුවර ප්‍රදේශයේ දී හදිසි හෘදයාබාධයකින් මියගිය සහෝදර සෙබළෙකුගේ පවුල වෙත නව නිවසක් ලබාදීම බදාදා (25) දින පැවති උත්සවයකදී සිදුකරන ලදි.

පසුගිය වසරේ දෙසැම්බර් මස ජනප්‍රිය පුවත්පතක පලවු පුවතක යුද හමුදා සෙබලකුගේ වැන්දඹු බිරිඳ හා හතර දෙනකුගෙන් යුත් පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ ඉඩමෙහි කොනක අත්හැර දමන ලද බංකරයක වාසය කරන බවත් නිවසක් සාදාගැනිමට නොහැකි බවත් සඳහන් විය.

මෙම පුවත දුටු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, එම ප්‍රදේශය අයත් වන්නි අණදෙන නිලධාරින්හට උපදෙස් ලබාදෙමින් මේ පිළිබඳව සොයාබලා එම පවුල වෙත හැකි ඉක්මනින් කල හැකි උපකාර සිදුකරන ලෙස දන්වා සිටින ලදි.

මේ අනුව, වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ ආශිර්වාදයෙන් 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බි.එච්.එම්.ඒ විජේසිංහ විසින් මේ පිළිබඳව කඩිනමින් සොයාබැලු අතර, ඉහත කී බංකරය පර්චස් 80 ක ඉඩම් කොටසක පිහිටා ඇති බවත් එම ඉඩම මියගිය සෙබළාගේ දෙමාපියන්ගේ උරුම‍යෙන් ලැබී ඇති බවත් තහවුරු කරගන්නා ලදි.

ඒ අනුව, 62 වන සේනාංකයේ මුලිකත්වයෙන් එහි සේනාංකාධිපතිගේ මගපෙන්විම යටතේ 17 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් මෙම කර්තව්‍ය ආරම්භ කල අතර, 2016 දෙසැම්බර් 08 වන දින ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය පරිත්‍යාගයෙන් යුතුව මුල්ගල තැබිම 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් සිදුකරන ලදි. එමෙන්ම, 5 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් විසින් භුමිය සකසාගැනිම සහ ඉදිකිරිම් සඳහා අවශ්‍ය මුලික කටයුතු සඳහා සිය සහයෝගය ලබාදෙන ලදි.

මේ අතර, ආර්යා පදනම මගින් අවශ්‍යතාවය මත සිමෙන්ති, වැලි, කළුගල්, යකඩ සහ වෙනත් ඉදිකිරිම් ද්‍රව්‍ය කඩිනමින් වැඩබිම වෙත ලබාදිම සිදුකරන ලදි.

මියගිය ඒ.එම්.සි.එල් මහේෂ් කුමාර ගේ 5 වන මරණ සංවත්සරය බදාදා (25) දිනට යෙදි තිබු අතර, නව නිවස විවෘත කිරිම එදිනම සිදු කලහ. එමෙන්ම මෙම නිවස යුද හමුදා භට පිරිස් විසින් දින 46 ක් තුළදි සදා නිම කරන ලදි.

මෙම නිවස විවෘත කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 62 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සහභාගි වු අතර, බෞද්ධාගමික වතාවත් මධ්‍යයේ සුභ මොහොතින් නිවස විවෘත කිරිම සිදුකරනු ලැබිය.

මෙම ව්‍යාපෘතිය සර්ථකව නිමාවෙන් පසු ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති සහ 5 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් ජල ටැංකියක් සහ ජලය ලබා ගැනිම සදහා අවශ්‍ය උපකරණ, වියලි සලාක, ගෘහ භාණ්ඩ, පාසල් උපකරණ සහ තවත් අත්‍යවශය ගෘහ අවශ්‍යතා ඇතුළු ත්‍යාග එම පවුල වෙත පරිත්‍යාග කරන ලදි.

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති නියෝජනය කරමින් ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එම්.එම්.ඩබ්.බි.තම්මිට මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙහිදි 5 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් හා 17 වන (ස්චේච්ජා) ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් පවුලේ සමාජිකයන් සමග එක්ව නිවස අවට පොල් සහ අඹ පැල සිටුවිම සිදු කරන ලදි.

ඉන් අනතුරුව17 වන(ස්චේච්ජා) ජාතික ආරක්ෂක බලමුලුවේ අණදෙන නිලධාරි සහ අනෙකුත් බළමුළුවේ නිලධාරින් විසින් එම පවුලේ වැඩිමහල් දියනිය වෙත අපොස (සාමන්‍ය පෙළ) නිමාවෙන් පසු හැදැරිමට අදහස් කර ගෙන ඇති ඉංග්‍රිසි පාඨමාලාව සඳහා වන ගස්තුව ලෙස රුපියල් 12,000/= ක මුදලක් පරිත්‍යග කරන ලදි.

latest jordan Sneakers | Air Jordan Release Dates 2020