Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2017 23:21:31 Hours

යුද හමුදා විශිෂ්ඨයන් හට වර්ණ ප්‍රදාන ගෞරවාන්විත උත්සවය නෙළුම්පොකුණේදී

යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශේෂ දක්ෂතා අගය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් එක් වඩා උද්‍යෝගිමත් මෙන්ම ගෞරවාන්විත ව්‍යාපෘතියක් වන ‘වර්ණ රාත්‍රිය -2016’ උත්සවය සිකුරාදා (27) සන්ධ්‍යාවේ ක්‍රීඩා අමාත්‍ය, ආරක්ෂක ලේකම්, ආරක්ෂක රාජ්‍ය ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති යන සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පවත්වන ලදි.

2015 - 2016 වර්ෂයන්හි අන්තර් ඒකක මට්ටමින්, රෙජිමේන්තු මට්ටමෙන්, ආරක්ෂක සේනා මට්ටමෙන් හා ජාතික හා අන්තර්ජාතික මට්ටමේන් විශේෂ දක්ෂතා දැක්වූ තෝරාගත් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායමක් හට මෙම දැවන්ත මෙන්ම වර්ණවත් උත්සවයේදී සම්මාන හා උපහාර ලබාදෙනු ලැබේ.

මෙම උත්සවය තුලදී ක්‍රීඩා ඉසව් 34 ක් තුලින් රන්, රීදි, ලෝකඩ පදක්කම්ලාභී තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු හට සම්මාන හා වර්ණ ලබාදීම සිදුකල අතර, ඉතිරිය රෙජිමේන්තු මට්ටමෙන් පවත්වනු ලබන වර්ණ රාත්‍රීන් මගින් ලබාදීම සිදුකිරීමට නියමිතය.

මෙම ප්‍රධාන උත්සවයේ පළමු අධියරේදී 2015 - 2016 වර්ෂයන්හි හොඳම පැරා ක්‍රීඩකයා, හොඳම ක්‍රීඩකයා සහ හොඳම ක්‍රීඩිකාව හට සම්මාන හා රුපියල් මිලියනය බැගින් පිරිනැමීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සමගින් වේදිකාව වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා විසින් සිදුකරන ලදි.

අනතුරුව, මළල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ විශේෂ දක්ෂතා දැක්වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය සහ බළලත් නිලධාරි II යු.පී ප්‍රදීප් සංජය හට වේදිකාව වෙත ආරාධනා කල අතර, ඔවුන් විසින් මළල ක්‍රීඩාව සඳහා දැක්වු දායකත්වය වෙනුවෙන් සම්මාන හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනමන ලදි.

මෙම වර්ණවත් උත්සවයේ දී සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පැවත්වීම සිදුකල අතර, යුද හමුදා ගීතය ගායනා කිරීම ද සිදුකරන ලදි. අනතුරුව පැවති විවිධ සංස්කෘතික හා නර්ථනාංග රැසකින් උත්සවය වර්ණවත් විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා හා යුද හමුදාපති දක්ෂතා දැක්වූවන් සමඟ සමූහ ජායාරූපයකට ද පෙනී සිටින ලදි.

මෙහිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක බළලත් නිලධාරි II එස්. ප්‍රසන්න සහ කෝප්‍රල් එම්.පී පතිරණ 2015-2016 හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකරගත් අතර, කාන්තා සෙබළ අයී.ඊ සේනානායක සහ කෝප්‍රල් එන්.ජි. රාජසේකර 2015-2016 වර්ෂයන්හි හොඳම ක්‍රීඩිකාවන්ට හිමි සම්මාන හිමිකරගන්නා ලදි. එමෙන්ම, ජාතික හා අන්තර්ජාතික වශයෙන් පැරා ක්‍රීඩා ඉසව්වලින් දක්ෂතා දැක්වු සැරයන් එච්.එම්.ඩී.පී හේරත් සහ සැරයන් වයි.පී.ඒ.පී ජයලත් හට ඔවුන්ගේ හැකියාවන් වෙනුවෙන් වර්ණ ප්‍රදානය කරන ලදී.

යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට දුනු විදීම, මළල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බේස්බෝල්, පැසිපන්දු, බිලියඩ් සහ ස්නූකර්, කැරම්, මුෂ්ටිප්‍රහාර, ක්‍රිකට්, බයිසිකල් ධාවන තරග, එල්ලේ, ජිම්නාස්ටික්, දැල් පන්දු, පැරා තරඟ, අත්පන්දු, හොකී, ජූඩෝ, කබඩි, කරාතේ, මෝටර් රථ ධාවන තරග, බර ඉසිලීම, සවි එසවීම හා කායවර්ධන, ඔරු පැදීම, වෙඩිතැබීම, පාපන්දු, ස්කොෂ්, පිහිනුම් සහ වොටර් පෝලෝ, පැරෂුට්, රගර් පාපන්දු, ටෙනිස්, මේසපන්දු, ටයිකොන්ඩෝ, මල්ලවපොර, වුෂු සහ වොලිබෝල් යන ක්‍රීඩා ඉසව් සඳහා දක්ෂතා දක්වා ඇති අයවළුන් හට මෙහිදී වර්ණ ප්‍රදානය කරන ලදී.

ආරක්ෂක ලේකම්, ආරක්ෂක රාජ්‍ය ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපතිතුමන් ද දක්ෂතා දැක්වුවන් හට වර්ණ ප්‍රදානය කිරීම සදහා එක්වූහ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්, අමාත්‍යාංශ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හා ඔවුන්ගේ කාලාත්‍රයන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වර්ණලාභීන්ගේ ඥාතීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.

වර්ණලාභීන්ගේ නාමලේඛණය පහත පරිදි වේ

2015 වර්ෂය

අ/අ ක්‍රීඩාව නිළය නම රෙජිමේන්තුව
1. දුනු විදීම කාන්තා සෙබළ කේ.ඒ.එස් ශෂිපබා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
2. මළල ක්‍රීඩා 2/ ලුතිතන් ආර්.පී.ඩබ්.එල් දයාරත්න ශ්‍රී ලංකා පාබල හමුදාව
3. මළල ක්‍රීඩා කෝප්‍රල් එම්.ජි.ඒ ප්‍රේමකුමාර ගැමුණු හේවා බලකාය
4. මළල ක්‍රීඩා ලාන්ස් කෝප්‍රල් එච්.කේ.කේ කුමාරගේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
5. මළල ක්‍රීඩා කෝප්‍රල් එන්.ජි රාජසේකර ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
6. මළල ක්‍රීඩා කාන්තා සෙබළ එච්.එල්.එන්.ඩි ලේකම්ගේ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
7. බැඩ්මින්ටන් සාමාන්‍ය සෙබළ පි.ඩබ්.ඕ මදුශංක ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය
8. පැසිපන්දු කාන්තා සෙබළ එච්.එම්.ටී චන්දිමා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
9. බේස්බෝල් ලාන්ස් කෝප්‍රල් එච්.එම්.සී දුමිත් කුමාර ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
10. බේස්බෝල් ආධුනික සෙබළ කේ.කේ තාරක ගැමුණු හේවා බලකාය
11. මුෂ්ඨි ප්‍රහාර ලාන්ස් කෝප්‍රල් එම්.වි.අයි.ආර්.එස් බංඩාර ඉංජිනේරු සේවා බලකාය
12. බිලියඩ් හා ස්නූකර් සැරයන් එස්.ජි සුසන්ත වික්‍රම ඉංජිනේරු සේවා බලකාය
13. ක්‍රිකට් සාමාන්‍ය සෙබළ එස්.පි විරසිංහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය
14. ක්‍රිකට් කාන්තා සෙබළ එම්.ඩි.එන් හංසිකා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
15. පාපැදි තරග ලාන්ස් කෝප්‍රල් එච්.ඒ.ඩි.ජි පුෂ්පකුමාර ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය
16. පැරා මළල ක්‍රීඩා සැරයන් වයි.පි.ඒ.පි ජයලත් කමාන්ඩෝ රෙජිමේන්තුව
17. රෝද පුටු ටෙනිස් කෝප්‍රල් ආර්.ඒ.එල්.එස් රණවිර ගජබා රෙජිමේන්තුව
18. රෝද පුටු ටෙනිස් ලාන්ස් බොම්බඩියර් ඩි.එස්.ආර් ධර්මසේන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
19. එල්ලේ ලාන්ස් කෝප්‍රල් ඩබ්.ඩි චතුරංග ශ්‍රී ලංකා සංඥා බලකාය
20. එල්ලේ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.එස්.ඩි කුමාර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව
21. ජිම්නාස්ටික් ලාන්ස් කෝප්‍රල් එච්.එම්.ඒ.කේ.ජි.ඩි.කේ හේරත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
22. හොකී සාමාන්‍ය සෙබළ වි.එච්.කේ.එච් තිලකසිරි ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය
23. හොකී කාන්තා සෙබළ එම්.ජේ.ඒ.පි උපේක්ෂා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
24. කරාතේ ලාන්ස් කෝප්‍රල් ඩබ්.ආර්.එස් ෆොන්සේකා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
25. කරාතේ ලාන්ස් කෝප්‍රල් එන්.ජි ලාල් කුමාර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
26. කරාතේ සාමාන්‍ය සෙබළ කේ.ඩි.ආර්.ජේ අප්පුහාමි ගජබා රෙජිමේන්තුව
27. කරාතේ කාන්තා සෙබළ කේ.ඩබ්.එම්.ආර්.එච් බංඩාර ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
28. මෝටර් රථ ධාවන තරග ලාන්ස් කෝප්‍රල් එච්.එම්.ජේ.එස් ප්‍රේමරත්න විජයබාහු පාබල රෙජිමේන්තුව
29. බර ඉසිලීම ලාන්ස් බොම්බඩියර් ඒ.ජි.එස් අබේවික්‍රම ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
30. සවි එසවීම ලාන්ස් කෝප්‍රල් ඩබ්.ඩි.ජි.එස් වික්‍රමරත්න ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය
31. රග්බි පාපන්දු කාන්තා සෙබළ එච්.ඒ.එන්.ඩි මුණසිංහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
32. ඔරු පැදීම ලාන්ස් කෝප්‍රල් ටී.ඒ.එන් සෝමරත්න ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය
33. ඔරු පැදීම ලාන්ස් කෝප්‍රල් පී.පී.ටී.එස් විරසිංහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය
34. වෙඩි තැබිම බ්‍රිගේඩියර් ඩි.එස්.ඩි වැලිකල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
35. වෙඩි තැබිම මේජර් සි.එස් රත්නායක ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය
36. වෙඩි තැබිම කෝප්‍රල් එම්.පි පතිරණ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
37. වෙඩි තැබිම කාන්තා සෙබළ ඒ.අයි.ඩි.ඊ කුලතුංග ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
38. පාපන්දු කාන්තා සෙබළ එන්. මධුෂානි ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
39. පිහිණුම් සහ වොටර් පෝලෝ ලාන්ස් කෝප්‍රල් ටි.එච්.කේ.එස්.අයි ද සිල්වා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
40. පිහිණුම් සහ වොටර් පෝලෝ ලාන්ස් කෝප්‍රල් ටි.එම්.සි.එල් ජයසිංහ ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය
41. මේසපන්දු කපිතන් එස්.කේ ලියනගේ ශ්‍රී ලංකා සංඥා බලකාය
42. ටයිකොන්ඩෝ සැරයන් එච්.එම්.ඒ කුලරත්න ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය
43. වොලිබෝල් කාන්තා සෙබළ එච්.එල් සේනාරත්න ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
44. මල්ලවපොර කාන්තා සෙබළ එස්.එම්.ඒ.පි සේනාරත්න ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
45. මල්ලවපොර ලාන්ස් කෝප්‍රල් ඩි.පි.සි පියතිස්ස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය
46. මල්ලවපොර ලාන්ස් කෝප්‍රල් ඩබ්.එස්.සි ප්‍රනාන්දු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
47. වූෂූ ලාන්ස් කෝප්‍රල් ආර්.පි.එන් මදුශංක ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
48. වූෂූ ලාන්ස් කෝප්‍රල් එන්.එච් සම්පත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
49. වූෂූ ලාන්ස් කෝප්‍රල් කේ.ඩබ්.ඒ.එන් ශානිකා ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය
50. වූෂූ කාන්තා සෙබළ ජි.එම්.එල් උදයංගිකා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය

2016 වර්ෂය

අ/අ ක්‍රීඩාව නිළය නම රෙජිමේන්තුව
1. දුනු විදීම කාන්තා සෙබළ ආර්.ඩි.වයි තමෝදනි ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
2. මළල ක්‍රීඩා ලාන්ස් කෝප්‍රල් එච්.ඊ.එම්.අයි.ජි හේරත් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
3. මළල ක්‍රීඩා ආධුනික සෙබළ ඩබ්.කේ.එච් ඒෂාන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
4. මළල ක්‍රීඩා කාර්මික සෙබළ ඒ.එල්.එම් අෂ්රෆ් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
5. මළල ක්‍රීඩා කාන්තා සෙබළ එම්.ඒ.එස්.එස් ජයතිලක ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
6. මළල ක්‍රීඩා ලාන්ස් කෝප්‍රල් ඩබ්.වි.එල් සුගන්දි ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
7. මළල ක්‍රීඩා කාන්තා සෙබළ යු.වි.කේ මදිරිකා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
8. බැඩ්මින්ටන් කර්නල් පි.එස් තිලකරත්න ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය
9. පැසිපන්දු ලාන්ස් කෝප්‍රල් ටි.එම්.ඒ සුවාරිස් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය
10. බේස්බෝල් තුවක්කු සෙබළ එම්.කේ.ජි.ටි විජේසිංහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
11. බිලියඩ් සහ ස්නූකර් ලාන්ස් කෝප්‍රල් එම්.එම් මුබීන් ඉංජිනේරු සේවා බලකාය
12. මුෂ්ඨි ප්‍රහාර කෝප්‍රල් ඩබ්.ආර්.ටි විරක්කොඩි ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය
13. මුෂ්ඨි ප්‍රහාර තුවක්කු සෙබළ ජේ.පි.එන්.එන් ජයවිර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
14. කැරම් සංඥා සෙබළ එම්.එස් කලල්ඩින් ශ්‍රී ලංකා සංඥා බලකාය
15. ක්‍රිකට් ලාන්ස් කෝප්‍රල් ඒ.ජේ.සි ද සිල්වා ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය
16. පාපැදි තරඟ ලාන්ස් කෝප්‍රල් ආර්.ටි.සි දයානන්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
17. ජිම්නාස්ටික් සාමාන්‍ය සෙබළ එච්.එම්.ඒ.කේ දිසානායක ගජබා රෙජිමේන්තුව
18. අත්පන්දු සාමාන්‍ය සෙබළ කේ.ඩි. පද්මකුමාර ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය
19. හොකී කෝප්‍රල් එම්.ජි.එච්.පි.කේ ධර්මරත්න ඉංජිනේරු සේවා රෙජිමේන්තුව
20. ජූඩෝ ලාන්ස් කෝප්‍රල් ටි.ජි.ආර් මධුශංක ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
21. කබඩි කෝප්‍රල් ඒ.පි.ජි.එම් චතුරංග ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය
22. කබඩි කාන්තා සෙබළ ඩබ්.එම්.එන්.ඩි විජේතුංග ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
23. කරාතේ ලාන්ස් කෝප්‍රල් එම්.ඩි.එස් විමලසිරි ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය
24. කරාතේ ලාන්ස් කෝප්‍රල් ඩි.එම් සරත් කුමාර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
25. මෝටර් රථ ධාවන තරග තුවක්කු සෙබළ ටි.කේ.ආර්.එන්.එස් කුමාර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
26. දැල්පන්දු කාන්තා සෙබළ ජේ.කේ.කේ.පි ජයවිර ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
27. පැරෂුට් ලුතිතන් කර්නල් එන්.පි.හෙට්ටිආරච්චි කමාන්ඩෝ රෙජිමේන්තුව
28. පැරා දුනු විදීම කෝප්‍රල් එම්.ජි.එස් බංඩාර ශ්‍රී ලංකා පාබල හමුදාව
29. පැරා මළල ක්‍රීඩා බළලත් නිලධාරී II ඒ.පි.කේ හෙට්ටිආරච්චි ගැමුණු හේවා බලකාය
30. පැරා මළල ක්‍රීඩා සැරයන් එච්.ඒ.සි.එස් හෙට්ටිආරච්චි විජයබාහු පාබල රෙජිමේන්තුව
31. පැරා මළල ක්‍රීඩා සැරයන් එච්.එම්.ඩි.පි. හේරත් ගජබා රෙජිමේන්තුව
32. පැරා මළල ක්‍රීඩා ලාන්ස් කෝප්‍රල් කේ.ජි.ජි ඒකනායක ශ්‍රී ලංකා පාබල හමුදාව
33. රෝදපුටු ටෙනිස් කෝප්‍රල් ඩි.එම් ගාමිණි ගැමුණු හේවා බලකාය
34. කායවර්ධන සාමාන්‍ය සෙබළ ටි.එන්.යු.කේ තෙන්නකොන් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය
35. රගර් කෝප්‍රල් එම්.ඒ කරුණාරත්න ගැමුණු හේවා බලකාය
36. ඔරු පැදීම ලාන්ස් කෝප්‍රල් ඊ.පි.එන් ප්‍රසාද් ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය
37. ඔරු පැදීම සාමාන්‍ය සෙබළ පි.ජි.එස්.සි කරුණාරත්න යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව
38. වෙඩි තැබිම කපිතන් පි.කේ.ජේ.එස් ගයන්ග ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
39. පිහිණුම් සහ වෝටර් පෝලෝ ලාන්ස් කෝප්‍රල් ඩබ්. විමල් කුමාර ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය
40. පිහිණුම් සහ වෝටර් පෝලෝ කාන්තා සෙබළ ටි.ඩබ් ගනේගොඩ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
41. පිහිණුම් සහ වෝටර් පෝලෝ කාන්තා සෙබළ අයි.ඊ සේනානායක ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
42. ස්කොෂ් ලුතිතන් කර්නල් එස්.එච්.පි.ඩි තිලකරත්න ශ්‍රී ලංකා සංඥා බලකාය
43. මේසපන්දු ආධුනික සෙබළ ඊ.ඩි වරුෂවිතාන ශ්‍රී ලංකා සංඥා බලකාය
44. ටයිකොන්ඩෝ සාමාන්‍ය සෙබළ කේ.එස් සංජය බංඩාර ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය
45. ටෙනිස් කෝප්‍රල් එම්.ඩි.එල් ප්‍රනාන්දු විජයබාහු පාබල රෙජිමේන්තුව
46. වොලිබෝල් සාමාන්‍ය සෙබළ ඩබ්.ඩි.එස් ප්‍රනාන්දු ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය
47. වොලිබෝල් ආධුනික සෙබළ කේ.ටි.ඩබ් පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය
48. මල්ලවපොර රයිෆල් සෙබළ පි.ඩි.එන් ප්‍රදීප් කුමාර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
49. වූෂූ බොම්බඩියර් ආර්.සි.රත්නසිරි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
50. වූෂූ ලාන්ස් කෝප්‍රල් එච්.වි.ඒ නිශාන්ත ශ්‍රී ලංකා සංඥා බලකාය

Nike sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov