24th January 2017 08:23:09 Hours
හම්බන්තොට 12 වන සේනාංක මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය අද (21) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
එහි පැමිණි යුද හමුදාපතිතුමන්ව, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ සමඟින් 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා විසින් පිළිගන්නා ලදි.
තවද, එහිදි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත 10 වන ගැමුණු හේවා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් ද පිරිනැමුහ.
ඉන්අනතුරුව, සංකේතාත්මකව ඵලකය නිරාවරනය කර පීත්තපටිය කපා 12 වන සේනාංක මුලස්ථායේ නව කාර්යාල සංකීර්ණය විවෘත කරන ලෙස ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ආරාධනා කරනු ලැබීය.
10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ අධික්ෂණය යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ඉදිකරන ලද මෙම නව දෙමහල් ගොඩනැගිල්ලේ දිග අඩි 150 ක් වන අතර, පළල අඩි 40 ක් වේ.
මෙම ව්‍යාපෘතිය 2014 වර්ෂයේ ආරම්භ කළ අතර, යුද හමුදාවෙන් ඒ සඳහා රුපියල් මිලියන 60 ක් වැය කර ඇත.
තවද, 12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනයෙන් යුද හමුදාපතිතුමා විසින් මෙම සංචාර සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ. එසේම යුද හමුදාපතිතුමා නික්මයාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීමට ද, සමුහ ඡායාරූපයකට පෙනී සිටිමට ද අමතක නොකළහ.
මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා හිටපු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ. සියලු නිලයින් වෙනුවෙන් පැවති තේ පැන් සංග්‍රහයත් සමඟින් එදින වැඩසටහන අවසන් විය.
යුද හමුදාපතිතුමා 12 වන සේනාංක මූලස්ථානයේ සංචාරයෙන් අනතුරුව වීරවිල පිහිටි 122 බලසේනා භට පිරිස් හමු වී ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරත විය.
Running sneakers | Air Jordan