Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2017 18:22:52 Hours

613 බලසේනාව සිය ‘6 වන සංවත්සරය’ සමරයි

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 613 වන බලසේනාව සිය ‘6 වන සංවත්සරය’ සිකුරාදා (20) දින එහි බලසේනාධිපතිගේ මඟ පෙන්විමෙන් ආගමික වතාවන් වලට මුල් තැන දෙමින් යුද හමුදා සම්ප්‍රදානුකුලව පාලම්පිඩ්ඩි පිහිටි එම බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ දි පවත්වනු ලැබිය.

බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ පැවති ‘බෝධි පුජා’ පිංකමකින් අනතුරුව සංවත්සර වැඩසටහන ආරම්භ විය.

පිලිවෙලින් 2016 දෙසැම්බර් 17-26, 2017 ජනවාරි 6-17 යන දිනයන් හිදි ක්‍රිකට්, පා පන්දු, වොලිබෝල්, බැඩ්මින්ටන්, තරඟාවලි මෙන්ම ශක්තිමත් සෙබලා තේරිමේ තරගයක් ද පවත්වන ලදි.

එදින, 613 වන බලසේනාධිපති වරයා හට 26 වන ශ්‍රි ලංකා පාබල හමුදා භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමේන් වැඩසටහන ආරම්භ වු අතර අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරිම හා සමුහ ජායාරුපයක් ලබා ගැනිම ද සිදු කලහ.

මෙහිදි පැවති විශේෂ අවස්ථාවන් අතර සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත් වු අතර, ක්‍රිඩා තරඟ වෙනුවෙන් කුසලාන හා සහතික පත් බෙදා දිම ද බලසේනාධිපති අතින් සිදු විය.

මෙහිදි, 613 බලසේනා ඉතිහාසයේ ප්‍රථම වතාවට හොඳම ලිපිකරු, හොඳම රියදුරු, හොඳම සෙබලා සහා හොඳම සිවිල් සේවක මහතා තේරිම සිදුකල අතර ඔවුන් හට ත්‍යාග පිරිනැමිම ද සිදු කරන ලදි.

සංවත්සර වැඩසටහන අවසානයේ එදින සන්ද්‍යාවේ භට පිරිස් සඳහා සංගිත සංදර්ශනයක් ද බලසේනා මුලස්ථාන ක්‍රිඩාගාරයේ දි පවත්වනු ලැබිය.

සියලුම නිලධාරින්, සෙසුනිලයන් සහා සිවිල් කාර්ය මණ්ඩලය මෙම සංවත්සර වැඩ සටහන සඳහා සහභාගි වුහ.

Sneakers Store | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf