Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2017 18:20:30 Hours

කිලිනොච්චි ආඥාපති 66 වන සේනාංක මුලස්ථානයේ සංචාරයක

කිලිනොච්චි ආරක්ෂක සේනා නව ආඥාපති බ්‍රහස්පතින්දා (19) දින පුනරීන්හි පිහිටි 66 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරන ලදි.

එහි පැමිණි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිම සිදු කෙරිනි.

එහිදි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති විසින් භට පිරිස් ඇමතීමට ප්‍රථම කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපනය කළහ. තවද, ආඥාපතිතුමා සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගි වූ අතර, 66 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එම ප්‍රදේශයේ වත්මන් තත්වය පිළිබඳව ආඥාපතිතුමා දැනුවත් කිරීම ද සිදුකළහ. එමෙන්ම, ආඥාපතිතුමා අරසපුරම් පුහුණු පාසලේ සංචාරය කිරීමට ප්‍රථම මෙම සේනාංකයේ නිලධාරීන් සමඟින් සුහඳ කතාබහක ද නිරත විය.

එහිදි 66 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ආඥාපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලාන, එම සේනාංකයේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Authentic Sneakers | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival