20th January 2017 18:23:01 Hours
ශ්‍රි ලංකා යුද හමුදා විද්‍යාපිඨයෙන් මුලික යුද හමුදා පුහුණුව හදාරනු ලබන පාඨමාලා අංක 83 කෙඩෙට් නිලධාරීන් ඔවුන්ගේ විෂය මාලාවේ කොටසක් ලෙස බ්‍රහස්පතින්දා (19) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරය කරන ලදි.
එහි පැමිණි එම කෙඩෙට් නිලධාරීන් පිළිගැනීම කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එස්.ඩබ්.එම්. ප්‍රනාන්දු විසින් සිදු කළ අතර, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ වගකිම් හා කර්ය භාර්යයන් පිළිබඳවත්, පශ්චාත් ගැටුම් තත්වයන් හා සංවර්ධන කටයුතු පිළිබඳවත් ඉදිරිපත් කිරිම් ඇසුරින් පැහැදිලි කරන ලදි.
මෙම සංචාරයේ දී කෙඩෙට් නිලධාරීන් සහයෝගීතා මධ්‍යස්ථානයේ ද සංචාරය කළ අතර, එහිදි 571 බලසේනාවේ බලසේනාධිපති විසින් මෙම මධ්‍යස්ථානයේ දැක්ම සහ එහි ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් කරන ලදි. තවද එහිදි සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කළහ.
මෙම සංචාරය සඳහා පාඨමාලා භාර නිලධාරීන් 03 ක්, සෙසු නිලයින් 13 ක්, උපදේශකයින් සහ කෙඩෙට් නිලධාරීන් 31 ක් සහභාගි වූහ.
මේ අතර, කිලිනොච්චි හි සංචාරයට පෙර පාඨමාලා අංක 83 කෙඩෙට් නිලධාරීන් බදදා (18) දින මුලතිව් අරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයකට සහභාගි වුහ.
මුලතිව් අරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් මුලතිව් අරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මණ්ඩලික, කර්නල් එච්.ජි.පි.එම්.කාරියවසම් විසින් මෙම නියෝජිත පිරිස පිලිගන්නා ලදි.
ඉන් අනතුරුව, එම පිරිස මුලතිව් අරක්ෂක සේනා මුලස්ථානය යටතේ පෙර සහ මේ අවස්ථාවේ ක්‍රියාන්විත ක්‍රියාකාරකම් හා මහජන සම්බන්ධතා කටයුතු පිලිබද සකච්චාවක් සඳහා සහභාගි වු අතර අනතුරුව එම මුලස්ථානය යටතේ පිහිටි බලසේනා හා ඒකකයන් හි සංචාරයක ද නිරත වුහ.
short url link | Men's Footwear