20th January 2017 18:08:55 Hours
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 බලසේනාවේ භට පිරිස් විසින් වහා ක්‍රියාත්මක වී අඟහරුවාදා (17) දින ආගරපතන, ලිඳුල ප්‍රදේශයේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
ලිඳුල වනරක්ෂිත ප්‍රදේශයේ ඇති වූ මෙම ගින්න පිළිබඳ පුවත සැලවීමෙන් අනතුරුව ඒ සඳහා 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 30 කට වැඩි භට පිරිසක් සහභාගි වී එම ගින්න සම්පුර්ණයෙන්ම නිවා දැමිමට කටයුතු කරන ලදි.
buy shoes | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite