Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2017 10:27:26 Hours

‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ සුපිරි තරුව හා අවසන් තරඟකරුවන් හට ත්‍යාග පිරිනැමේ

‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බඩියර් සම්පත් ශ්‍රී පලන්සූරිය හට හිමි වු නව නිවසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම බ්‍රහස්පතින්දා (19) දින හොරණ, ප්‍රබුද්ධගම රණවිරු ගම්මානයේ පැවති උත්සවයක දී සිදු කරනු ලැබීය.

මේ උත්සවයේදි ‘රණවිරු රියල් ස්ටාර් අදියර V’ තරඟාවලිය සඳහා සහභාගි වු අවසන් තරගකරුවන් 10 දෙනකු හට නව නිවාස ඉදිකිරිම සඳහා ඉඩම් කොටස්වල ඔප්පු ලබාදිම ද සිදු කල අතර, 2016 රණවිරු රියල් ස්ටාර් ප්‍රසංගයේ දි අවසන් වටයට තේරුණු 35 දෙනා අතරින් ලොතරැයි දිනුම් ඇදිමක් මsන් මෙම 10 දෙනා තොරා ගන්නා ලදි.

මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරුප්පෙරුම මැතිතුමන් සහභාගි වු අතර ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි, ගුවන් හමුදා විද්‍යුත් හා සන්නිවේදන අධ්‍යක්ෂක, යුද සේවා ලේකම්, විධායක ජෙනරාල්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ප්‍රථම ස්ථානය සදහා අනුග්‍රහය ලබාදුන් ඩයලොග් ආයතනයේ නියෝජිතයින් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදි බෞද්ධ ආගමික වතාවත් සිදුකිරිම ප්‍රබුද්ධගම විහාරස්ථානයේ විහාරධිපති පුජ්‍ය උඳුපතිගොඩ අනුරුද්ධ ස්වාමින් වහන්සේ විසින් සිදු කල අතර, මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ජායනා මධ්‍යයේ සුභ මොහොතින් සම්භාවනිය අමුත්තන් 11 දෙනා විසින් මුල්ගල් තැබිම ද සිදු කළහ. පර්චස් 12 කින් යුත් අනෙකුත් ඉඩම් කොටස් 10 බෙදාදිම ද මේ අවස්ථාවේ දි සිදු කරන ලදි.

ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා විසින් පිලිගැනිමේ කතාව සිදු කල අතර, ඉඩම් කොටස් 10 ලබාදිම වෙනුවෙන් ලොතරැයි දිනුම් ඇදිම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා හට ආරාධනා කිරිම ද සිදු කරන ලදි. සුපිරි තරුව වෙනුවෙන් නව නිවස ඉදිකිරිම සඳහා ඩයලොග් අයතනය විසින් මිලියන 20 ක මුදලක් වැය කරනු ලැබේ. මෙම අවස්ථාවේදි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් උත්සව සභාව ඇමතිම ද සිදු කළහ.

ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා භට පිරිස් විසින් ඉංජිනේරු සේවා බලකායේ උපදෙස් මත ගායන තරුව සඳහා නව නිවස ඉදිකිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩබ්.ඒ කුලසුරිය මහතා ස්තුති කථාව සිදු කළ අතර, ලාන්ස් බොම්බඩියර් සම්පත් ශ්‍රී පලන්සූරියගේ පවුලේ සාමාජිකයින් ද මෙම උත්සවය සඳහා එක්ව සිටියහ.

මේ අවස්ථාවේ දි සිය දක්ෂතාවයෙන් වෙනුවෙන් ත්‍යාග වශයෙන් ඉඩම් කොටස් 10 ක් ලබාගත් ජයග්‍රහාකයින් පහත දක්වා ඇත.

යුද හමුදා

ලුතිතන් මාධව චූලසිරි - 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

කෝප්‍රල් චමිත් ප්‍රියමන්ත - 9 වන ගැමුණු හේවා බලකාය

කාන්තා සෙබල ඉසංකා ද සිල්වා - 6 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය

කාන්තා සෙබල ශාමිනි පෙරේරා - 4 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය

නාවික හමුදාව

ලුතිතන් අමිල සිරිවර්ධන

බල නැවි ශම්මි පෙරේරා

නායක නැවි උමේෂා අධිකාරම්

බල නැවි විරාජ් ප්‍රනාන්දු

බල නැවි අරවින්ද හේරත්

ගුවන් හමුදාව

ලාන්ස් කෝප්‍රල් වත්සල නානායක්කාර

Running sneakers | Sneakers