Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2017 17:14:08 Hours

යුද හමුදාපති ‘විශ්‍රාමික ප්‍රවීනයන්ගේ නිවාසය’ සඳහා තවත් පහසුකම් ලබාදීම සබැඳිව සේවා මුක්ත භට පිරිස්හි ආචාරය

කටාන, බෝලගල ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ප්‍රවීණයන් වෙනුවෙන් නවතමයෙන් ඉදිකරන ලද පහසුකම් සහිත ගොඩනැගිලි විවෘත කිරීම අද (20) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, ඒ සඳහා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් ද එක්ව සිටියහ.

සේවා මුක්ත භට සංගමය සහ 7 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස්හි ක්‍රියාකාරි දායකත්වය ඇතිව එහි පැවති ප්‍රධාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කළ අතර, ඉඩ පහසුකම් සහිත මුළුතැන්ගෙයක්, භෝජන ශාලාවක්, ව්‍යායාම් ශාලාවක් සහ වෛද්‍ය පරික්ෂණ කාමරයකින් සමන්විත නව ගොඩනැගිලි ද ඉදිකරන ලදි.

මෙම විශ්‍රාමික ප්‍රවීණයන්ගේ නිවාසයේ පවතීන අඩුපාඩු සම්බන්ධව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත දැන්වීමෙන් අනතුරුව, 1940, 1950 සහ 1960 යන කාල වකවානුහි දී යුද විරුවන් විසින් ඉටුකරන ලද සේවය අගයමින් දැනට එහි නේවාසිකව සිටින යුද විරුවන් වෙනුවෙන් හමුදාපති අරමුදලින් ද අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදු කෙරිනි.

ප්‍රතිසංස්කරණය කරන ලද කොටස විවෘත කිරීමෙන් අනතුරුව, නවතමයෙන් ඉදිකරණ ලද නිවහන් 04 විවෘත කිරීම සඳහා ද ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආරාධනා කරන ලදි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සිය උපරිම දායකත්වය ලබාදුන් 7 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී ඇතුලු එම භට පිරිස් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මේ වන විට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික ප්‍රවීණයන් විසිදෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම නිවාසයේ රැඳි සිටින අතර, ඔවුන් රැකබලාගැනීම සේවා මුක්ත භට සංගමය විසින් සිදු කරන අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහ සුභපතන්නන් විසින් අරමුදල් ලබාදෙනු ලැබේ.

මෙම උත්සවය අවසානයේ යුද හමුදාපති විසින් ප්‍රධාන ශාලාවේ දී සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් සහ ඒහි නේවාසිකයින් සමඟ සුහඳ පිළිසඳරක් නිරත විය. තවද, මෙම අවස්ථාව සිහිගන්වමින් පැළයක් රෝපණය කිරීම ද, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීම ද සිදුකළහ.

යුද හමුදාපතිතුමා නික්ම යාමට ප්‍රථම සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් (විශ්‍රාමික) කේ.ඒ. ඥාණවීර විසින් එතුමා වෙත සිය කෘතඥතාව පළ කරමින් සමරු තිළිණයක් ද පිරිනමන ලදි.

මිගමුව නගරයට කිලෝමීටර් 12 ක ආසන්න දුරින් බෝගල, කටාන ප්‍රදේශයේ පිහිටි මෙම විශ්‍රාමික ප්‍රවීණයන්ගේ නිවාසය අක්කර 02 ක භූමි භාගයකින් යුක්ත වන අතර, මෙය 1850 වර්ෂයේ අවසන් භාගයේ ඉතිහාසයක් සහිත පැරණි ගොඩනැගිල්ලකින් ද සමන්විත වේ.

සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් (විශ්‍රාමික) කේ.ඒ. ඥාණවීර මෙම අවස්ථාවට සපැමිණි යුද හමුදාපතිවරයා වෙත සිය ආචාරය පුද කළ අතර, යුද හමුදාපතිවරයා ද මෙම නිවාසයේ කළමණාකාරීත්වය මෙන්ම රැකබලාගන්නන්ගේ කැපවීම සහ දායකත්වය ද අගය කළහ.

මෙම සේවා මුක්ත භට පිරිස් වසර 70 කට අධික කාලයක සිට ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට ප්‍රථම තීරණාත්මක අවස්ථාවන්හි දී වැදගත් කාර්ය භාර්යයක් සිදු කළ අතර, සමහරෙක් බ්‍රිතාන්‍ය යුගයේ ලංකා හමුදාවේ රයිෆල් සෙබල, ඉංජිනේරුවන්, පාබල සෙබලුන්, තුවක්කු සෙබලුන්, නාවිකයින්, ගුවන් භටයින් ලෙස සේවය කිරීමට භාග්‍යවන්තවුවන් වේ.

short url link | adidas Yeezy Boost 700 , Ietp