Header

Sri Lanka Army

Defender of the Nation

20th January 2017 10:29:42 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් ක්ෂණිකව ක්‍රියාත්මක වී පොලිස් කොස්තාපල්ගේ සහ මාළු වෙළෙන්දාගේ ජිවිත බේරාගනී

යාපනය අරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 551 බලසේනාවට අයත් 19 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.ඩී. සුනිල් විසින් වහා ක්‍රියාත්මක වී සඳුදා (16) දින පේදුරුතුඩුව වෙරළේ ගැඹුරු මුහුදේ ගිලෙමින් සිටි මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් ශ්‍රී කාන්තන් ක්‍රිෂ්න‍වේල් මහතාගේ (32) සහ මාළු වෙළෙන්දෙකු වන සුදර්ශන මහතාගේ (31) ජිවිත බේරා ගැනීමට සමත්විය.

යාපනය, තුන්න‍ලෙයි ප්‍රදේශයේ පදිංචි මොවුන් දෙදෙනා මුහුදු වෙරළේ සිට මීටර් 300 ක් පමණ දුරින් දියනාමින් සිටි අතර දියේ ගිලිම හේතුවෙන් සහාය ඉල්ලා කෑගසන බව වෙරළ අසළ රාජකාරි කරමින් සිටි යුද හමුදා කෝප්‍රල් සුනිල් සහ තවත් හමුදා සෙබලෙකු දැක ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ කෝප්‍රල් සුනිල් ජීවිත අවදානම ද නොතකා නිර්භීතව ඉදිරිපත්වි ඒ අසල නවතා තිබු බෝට්ටුවක් රුගෙන එම ස්ථානය වෙත ගොස් ඔවුන් බේරාගත් අතර, වෙරළෙහි රැස්ව සිටි සිවිල් ජනතාවගේ සහයෝගය ඇතිව ගොඩබිම වෙත රැගෙන එන ලදි.

ඔහුගේ මෙම නිර්භීත ක්‍රියාව පිළිබඳ දැනගත් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් බ්‍රහස්පතින්දා (19) දින එම ආරක්ෂක සේනා මුලස්ථානයේ පැවති හමුවේ දී ඔහුගේ එම වීර ක්‍රියාව ඇගයීමට ලක් කළ අතර, ඒ වෙනුවෙන් නිලධාරීන් සහ සෙසු නිලයින් මධ්‍යයේ විශේෂ සහතික පත්‍රයක් ද පිරිනමන ලදි.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් සම්බන්ධිකරණ කර්නල් තිලක් මයාදුන්න සහ 19 වන සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සනත් අබේතිලක ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Buy Kicks | New Releases Nike