Header

Sri Lanka Army

Defender of the Nation

16th January 2017 21:20:35 Hours

කොස්ගම විරුකැකුළු පෙර පාසලේ පැවැත් වූ විවිධ ප්‍රසංගය

කොස්ගම, රණවිරුගම විරුකැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය - 2016 පසුගිය දා එම පෙර පාසල් ගොඩනැගිලි පරිශ්‍රයේ දී පවත්වන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ බ්‍රිගේඩියර් එම්.එල්.ජයරත්න (විශ්‍රාමික) පිළිගැනීම එම පෙර පාසලේ සිසුවියක් විසින් සිදු කළ අතර, පෙරහැරක් මඟින් ප්‍රධාන ශාලාව වෙත ඔහු කැඳවාගෙන යනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුලු අනෙකුත් ආරාධිතයින් විසින් පොල්තෙල් පහන දැල්විමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ කෙරිනි.

එම විවිධ ප්‍රසංගයේ දී ළමුන් නර්තනාංග, සංගීත හැකියාවන් සහ ඉංග්‍රිසී ගීත ගායනය ඇතුලු අංගයන් ඉදිරිපත් කරමින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කළහ.

බ්‍රිගේඩියර් එම්.එල්.ජයරත්න (විශ්‍රාමික) සහ එම පවුලේ සාමාජිකයින්, විරුකැකුළු පෙර පාසලේ කපිතාන් කේ.එම්. ජයසිංහ, එහි ගුරුවරුන් සහ එම ළමුන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sportswear Design | Jordan Shoes Sale UK