Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2017 20:48:16 Hours

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ තවත් ආධුනික කාන්තා සෙබලියන් පිරිසක් විසිරයති

දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර 3 (ස්වේච්ඡා) යුද හමුදා කාන්තා බලකා පුහුණු පාසලේ පැවති 9 වන ආධුනික කාන්තා පුහුණු පාඨමාලාව හැදැරූ ආධුනික කාන්තා සෙබලියන් 87 දෙනෙකු පසුගිය දා විසිර යන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන ජ්‍යෙෂ්ඨ ස්වේච්ජා සම්බන්ධිකරණ කර්නල් එම්.පි.පි. පෙරේරා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, මාස 03 ක් පුරා පැවති මෙම පුහුණු පාඨමාලාව හැදැරූ විසිර යන කාන්තා සෙබලියන් සිය ආචාරය ද එතුමා වෙත මෙහිදි පුද කරන ලදි.

මෙහිදි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දක්ෂතා දැක්වුවන් වෙත කුසලාන පිරිනැමු අතර ඒ අනුව දක්ෂතම වෙඩික්කරු, දක්ෂතම පෙළපාලි අණදෙන්නා, සෑම අතින්ම අතිශුර කාන්තා සෙබලිය ආදි තවත් අංශයන් වෙනුවෙන් කුසලාන ප්‍රදානය කරන ලදි.

Buy Sneakers | Womens Shoes Footwear & Shoes Online