Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2017 11:10:04 Hours

පුනරින් ප්‍රදේශයේ ඩෙංගු මර්ධනය සඳහා යුද හමුදා භට පිරිස්හි සහාය

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් ඩෙංගු මර්ධන කිරීමේ අරමුණින් පුනරින් ප්‍රදේශය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සිකුරාදා (13) දින ක්‍රියාත්මක කරන ලදි.

ඒ අනුව 661 බලසේනාවේ, 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 5 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ, 18 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් මේ සඳහා සහයෝගය දක්වන ලදි.

මෙම ව්‍යාපෘතිය යටතේ මුලික රෝහල් පරිශ්‍රය, බස් නැවතුම්පොළ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ආයුර්වේද රෝහල, පුස්තකාලය ආදි ස්ථාන සුද්ධ පවිත්‍ර කිරීම සිදු කෙරිනි.

නිලධාරියෙකු සහ සෙසු නිලයින් 55 දෙනෙකු ඇතුලු යුද හමුදා සාමාජිකයින් 56 දෙනෙකු මේ සඳහා එක්ව සිටියහ.

Running Sneakers Store | Air Jordan 1 Retro High OG University Blue - Gov