Header

Sri Lanka Army

Defender of the Nation

13th January 2017 13:35:08 Hours

යුද හමුදාවේ සම්බන්ධිකරණයෙන් සිසුන් සහ ක්‍රීඩා සමාජ වෙත පාවහන්

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 බලසේනාවේ සම්බන්ධිකරණයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ සහ ක්‍රීඩකයින්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව තවත් ප්‍රජා සේවා වැඩසටහනක් ලෙස පාවහන් බෙදාදීමේ උත්සවයක් අඟහරුවාදා (10) දින පරමම්කිරායි රජයේ දමිළ පාසලේ දී පවත්වන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් සුමිත් අමරසිංහ (විශ්‍රාමික) මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්විය.

1 සිට 10 වන ශ්‍රේණිය දක්වා වූ ළමුන් වෙත මෙම පාවහන් බෙදාදීම සිදුකෙරිනි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ පාසල් සිසුන් 142 ක් සඳහා ද, ප්‍රදේශයේ ක්‍රීඩා සමාජවල සාමාජිකයින සඳහා ද ත්‍යාග පාර්සල් ලබාදීම මෙහිදි සිදුකරන ලදි.

66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලාන මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, 661 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කිත්සිරි ඒකනායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින්, ක්‍රීඩා සමාජ සාමාජිකයින්, ගුරුවරුන් සහ සිසුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීම යටතේ 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලානගේ අධික්ෂණය මත 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කිත්සිරි ඒකනායක විසින් මෙම වැඩසටහන සම්බන්ධිකරණ කටයුතු සිදුකෙරිනි.

bridge media | nike air speed turf rose gold price per gram