Header

Sri Lanka Army

Defender of the Nation

09th January 2017 17:05:48 Hours

යුද හමුදාවෙන් ගම්මට්ටමින් සිවිල් වැසියන් හට විද්‍යාත්මක කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම

අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ අධිෂ්ඨානයෙන් හා පුර්ණ කැපවීමෙන් දිළිඳුකම පිටුදැකීම සහ තිරසාර සංවර්ධනය යන දැක්ම යටතේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පුර්ණ මඟපෙන්විම මත යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගම්මට්ටමින් ගොවි ප්‍රජාව හට නවීන සහ විද්‍යාත්මක කෘෂිකර්මාන්තය හා ගොවිතැන් පිළිබඳව දැනුම වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදි.

මෙම ව්‍යාපෘතියේ ආරම්භය වශයෙන් දිවයින පූරා කෘෂිකර්මාන්තයේ නියුතු ගොවින් සහ එම කර්මාන්තයෙන් යැපෙන්නන් 223 දෙනෙකු ඉලක්ක කර ගත් වැඩසටහන සංකේතාත්මකව ආරම්භ කිරීම ඉරිදා (08) දින යුද හමුදාව මඟින් පාලනය වන කන්දකාඩු, නාච්චිකුඩා, වේලම්කුලම්, මැණික්ෆාම්, උදයාර්කට්ටු යන ගොවිපලවල්හි දී යුද හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් නැගෙනහිර, කිලිනොච්චි, මුලතිව් සහ වන්නි යන ආරක්ෂක සේනා මුලස්ථානවල සංවිධායකත්වයෙන් සිදු කෙරිනි.

යුද හමුදාවේ කෘෂිකර්ම උපදේශකයින් 14 දෙනෙකු සහ කෘෂිකර්ම උපාධිධාරීන් විසින් දින 60 ක් පුරාවට (ජනවාරි 8 සිට මාර්තු මස 08 දක්වා) මෙම ගොවි ජනතාවගේ දැනුම වර්ධනය කිරීමට දායක වූ අතර, එමඟින් විධිමත්ව පැළ සිටවීම, රැගෙනයාම, අස්වනු වර්ධනය, වියදම් අඩුකිරීම, අස්වැන්න වැඩිකිරීම, ගබඩා කිරීම, කාලගුණික වෙනස්විමී, කාබනික පොහොර යෙදීම යන ක්‍රම මඟින් ලොක මට්ටම්න් යොදා ගන්නා නවීන ගොවිතැන් ක්‍රම පිළිබඳව දැනුවත් කරන ලදි.

යුද හමුදාපතිතුමාගේ යෝජනාවකට අනුව මෙම වැඩසටහන සඳහා සහභාගීවුවන් හට එක් දිනක් වෙනුවෙන් රුපියල් 300 ක මුදලක් ද, අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත එය රුපියල් 600 දක්වා වැඩි කරන ලදි. ඊට අමතරව යුද හමුදා ගොවිපලවල් මඟින් සහභාගීවූවන් වෙත තේ පැන්, දිවා ආහාරය සහ අනෙකුත් පහසුකම් නොමිලේ ලබාදීම ද සිදු කරන ලදි.

මෙම පුහුණූ වැඩසටහනේ දී අදාල ස්ථානවල සහ යුද හමුදා ගොවිපලවල්හි දී සහභාගිවුවන් හට වෙනත් වෙනත් අත්දැකීම් ලබාදිමේ අරමුණින් ප්‍රයෝගීක සැසි සහ ක්ෂේත්‍ර අධ්‍යයන සැසි ක්‍රියාත්මක කරන ලදි.

මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධිකරණ කටයුතු යුද හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්ෂක කර්නල් ඒ.කේ.ඒ.බි. ගුණරත්න විසින් සිදු කළ අතර, ඉරිදා (08) දින පෙරවරු 9.00 ට මුලතිව් උදයාර්කට්ටු යුද හමුදා ගොවිපලේ දී ආරම්භ වූ පාඨමාලාව සඳහා මුලතිව් ප්‍රදේශයේ 110 දෙනෙකු සහභාගි වූහ.

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂක විල්ලවරාජ් මහත්මිය, පරන්තන් කෘෂිකර්ම පාසලේ සහකාර අධ්‍යක්ෂක ශකිලා භානු මහත්මිය, 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පි.ඒ.ඩි. කහපොල, 681 සහ 682 බලසේනාධිපතිවරුන් ඇතුලු තවත් පිරිසක් මෙම ආරම්භක අවස්ථාව සඳහා එක්ව සිටියහ.

කිලිනොච්ච් ජයපුරම් ග්‍රාමයේ පාඨමාලාලාභීන් 25 දෙනෙකු ඔවුන්ගේ පුහුණු වැඩසටහන එදිනම (08) දින යාපනය සෞඛ්‍ය සහ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ උපදේශකයින්ගේ සහයෝගය ඇතිව නාච්චිකුඩා යුද හමුදා කජු ගොවිපලේ දී ආරම්භ කරන ලදි. මෙම අවස්ථාව සඳහා ආගමික සහ ප්‍රජා නායකයින් කෘෂිකර්ම හා පශුසම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 66 වන සේනාංකාධිපති ඩි.සී. කැප්පටිවලාන ද එක්ව සිටියහ.

එමෙන්ම, වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය මඟින් සංවිධානය කළ පුහුණු වැඩසටහන එදිනම මැණික්ෆාම් ගොවිපලේ දී ආගමික වතාවත්වලින් අනතුරුව ආරම්භ කරන ලදි.

මෙම පාඨමාලාව සඳහා 34 දෙනෙකු සහභාගි වූ අතර, මෙහි ආරම්භක අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 213 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.එම්.එස්.පී.බි. සමරකොන් එක්ව සිටියහ.

තවද, නැගෙනහිර ප්‍රදේශයේ පුහුණු වැඩසටහන ඉරිදා (08) දින කන්දකාඩු සහ වෙල්ලන්කුලම් ගොවිපලවල්හි දී ආරම්භ වූ අතර, මේ සඳහා පාඨමාලාලාභීන් 60 දෙනෙකු සහභාගි වූහ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.එස් වීරවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් ආරම්භක අවස්ථාව සඳහා සහභාගි වූ අතර, වෙල්ලම්කුලම් ප්‍රදේශයේ 34 දෙනෙකුගෙන් යුත් ගොවින් මෙම පාඨමාලාව සඳහා සහභාගි වූහ.

Nike Sneakers | Men’s shoes