Header

Sri Lanka Army

Defender of the Nation

04th January 2017 18:41:04 Hours

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති 11 වන සේනාංකයේ සංචාරයක

මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සිය ප්‍රථම සංචාරය ලෙස බදාදා (04) දින පල්ලෙකැලේ පිහිටි 11 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරන ලදි.

එහි පැමිණි ආඥාපතිතුමන් පිළිගැනීම 11 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් සිදු කළ අතර, 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනැමුහ.

එහිදි මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති විසින් 11 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස් ඇමතු අතර, මෙම සංචාරය සිහිවනු වස් විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි අත්සන් තැබීම ද, සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගිවිම ද එහිදි සිදු කෙරිනි.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එස්.එන්.කේ. සේනාධීර, එහි සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

Running sports | Sneaker & Lifestyle News