Header

Sri Lanka Army

Defender of the Nation

04th January 2017 09:17:22 Hours

12 වන සේනාංකය රාජ්‍ය සේවා ප්‍රතිඥාවදීමෙන් නව වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කරයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භට පිරිස් සඳුදා (02) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ හමුදා සම්ප්‍රදායානුකූල පැවති උත්සවයකින් නව අවුරුද්දේ රාජකාරි ආරම්භ කරන ලදි.

එහිදි ජාතික ධජය සහ යුද හමුදා ධජය ඔසවමින් උත්සවයේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් අනතරුව ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මේජර් එස්.ඩි.ජේ.සී. සේමසිංහ විසින් රාජ්‍ය සේවක ප්‍රතිඥාව නිලධාරීන් සහ සෙසු නිලයින් හට ප්‍රකාශ කරන ලදි.

එදින වැඩසටහන අවසානයේ සුහදත්වය වර්ධනය කිරීම සඳහා තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විය.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.ඒ. නුගේරා සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

bridgemedia | Jordan Shoes Sale UK