Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2017 10:26:20 Hours

යුද හමුදා රෝහලෙන් නත්තල් කැරොල් ගී

කොළඹ පිහිටි යුද හමුදා රෝහලේ කාර්යමණ්ඩලය සහ නේවාසික රෝගීන්ගේ සහභාගීත්වයෙන් යුතුව නත්තල් කැරොල් ගී සංදර්ශණයක් එම රෝහල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

එම අවස්ථාවට සමගාමීව රෝගීන් සහ කුඩා ළමුන් වෙත නත්තල් ත්‍යාග පිරිනැමීම ද සිදු කළ අතර, රෝහල් අධ්‍යක්ෂක ගේ ආරාධනයෙන් රන්දිල් ප්‍රනාන්දු පියතුමා ඇතුළු කදාන ද මැසනෝඩ් විද්‍යාලීය බැති ගී කණ්ඩායම නත්තල් කැරොල් ගී ඉදිරිපත් කරනු ලැබීය.

මෙම වැ ඩසටහන රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඉදිරියේ පවත්වන ලදී.

යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.එච් මුණසිංහ, අධ්‍යක්ෂ කළමණාකරන හා නඩත්තු බ්‍රිගේඩියර් බී.එස් විදානගේ , රෝහල් අධ්‍යක්ෂ කර්නල් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලට දැඩි කැපවීමෙන් ක්‍රියා කරනු ලැබීය.

bridge media | Nike for Men