Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2017 10:28:16 Hours

57 සේනාංකයේ නව සේනාංකාධිපති වැඩ භාරගනී

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ජී.ජේ.ඒ.ඩබ්ලිව් ගලගමගේ සිය රාජකාරින් ආරම්භ කරන ලදි.

කිළිනොච්චියෙහි පිහිටි එම මූලස්ථානයේ පැවති චාම් උත්සවයක දී නව සේනාංකාධිපතිවරයා නව ධූරයෙහි වැඩ භාර ගනු ලැබීය.

57 වන සේනාංකය වෙත පැමිණි නව සේනාංකාධිපතිවරයා වෙත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

අනතුරුව නිලධාරීන් සහ සෙසු නිලයින් වෙන් වෙන් වශයෙන් ඇමතූ සේනාංකාධිපතිවරයා විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තබන ලදි.

කදවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද නව සේනාංකාධිපතිවරයා සහභාගි විය.

Buy Kicks | Nike Off-White