Header

Sri Lanka Army

Defender of the Nation

04th January 2017 18:41:02 Hours

ශ්‍රමදානය අතරතුර භඨ පිරිස් වෙතින් පූනරින් රෝහලේ නේවාසික රෝගීන්ට දිවා ආහාර

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟ පෙන්වීම යටතේ 66 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩී.සී කැප්පෙටිවලානගේ අධික්ෂණයෙන් එම භඨ පිරිස් විසින් පූනරින් ප්‍රාදේශීය රෝහලේ 2017 ජනවාරි 01 දින ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ සහ යුද්ධ හමුදාවේ හොඳහිත වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

එමෙන්ම එම වැඩසටහන අතරතුර රෝහලේ නේවාසික රෝගීන් සහ කාර්ය මණ්ඩලයට අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවා ආහාරය ලබාදෙනු ලැබූ අතර භඨ පිරිස් විසින් රෝහල් පරිශ්‍රය පිරිසිදු කර මල් පැල සිටුවීම ද සිදුකරන ලදි.

66 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩී.සී කැප්පෙටිවලාන, කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එම්.ජී.ඒ.එන්.බී මහතුවක්කාර සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු භඨ පිරිස් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest jordan Sneakers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger