Header

Sri Lanka Army

Defender of the Nation

04th January 2017 15:42:27 Hours

යුද හමුදා මුලස්ථානය සමගින් දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන‍ නව වසර උදාව සමරයි

යුද හමුදා මුලස්ථානයේ 2017 වසරේ පළමු වැඩකරන දින (ජනවාරි 02) උත්සවයට සමගාමිව දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් නව වසරේ රාජකාරි ආරම්භ කිරිම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

සදුදා (02) දින ආරක්ෂක සේනා මුලස්ථානවල පැවති හමුදා සම්ප්‍රදායානුකූලව උත්සව වලින් අනතුරුව දවසේ ප්‍රධාන අංගය ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ ‘දිළිඳුකම තුරන් කිරීමේ වර්ෂය - 2017’ දැක්ම පිළිබද විකාශය වූ වැඩසටහන නැරඹිම සදහා යුද හමුදා සාමාජිකයින් හට අවස්ථාව ලබාදෙන ලදි.

යුද හමුදාපතිගේ මුලිකත්වයෙන් කොළඹ යුද හමුදා මුලස්ථානයේ පැවති නව වසරේ රාජකරි කරන ප්‍රථම දින උත්සවයට සමගාමිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ද හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් එහි ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.

මෙහිදි ධජයන් එසවිම, ජාතික ගීය සහ යුද හමුදා ගීය ගායනා කිරීම, රාජ්‍ය සේවක ප්‍රතිඥාව කියවීම, යුද හමුදාපතිතුමාගේ පණ්විඩය කියවීම, මියගිය රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විම, ආඥාපතිතුමා විසින් භට පිරිස් ඇමතීම මෙන්ම රෝහල් සංචාරය මෙහිදි පැවති වැඩසටහනේ විශේෂ අවස්ථාවන් විය. එමෙන්ම, එදින වැඩසටහන අවසානයේ මේජර් ජෙනරාල් සේනානායක විසින් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟින් පලාලි යුද හමුදා රෝහල වෙත පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින් හමුවිය. ඔවුන්ගේ සුවදුක් විමසු ආඥාපතිතුමා ඔවුන් හට ත්‍යාග පාර්සල් ද පිරිනමන ලදි.

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් ද නව වසරේ රාජකාරි කරනු ලබන ප්‍රථම දිනයේ (02) හමුදා සම්ප්‍රදායානුකූල වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කල අතර, ඊට පෙර නව වසර උදාව නිමිත්තෙන් පිරිත් සජ්ජායනාවක් සහ මහ සංඝරත්නය වෙනුවෙන් දානමය පිංකමක් ද සංවිධානය කරනු ලැබීය.

යුද හමුදා මුලස්ථානයේ උපදෙස් අනුව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග, මෙම උත්සවයේ දී ධජ එසවිම, රාජ්‍ය සේවක ප්‍රතිඥාව කියවීම සහ යුද හමුදාපතිතුමා විසින් නව වසර වෙනුවෙන් නිකුත් කරනු ලැබූ නව අවුරුදු පණිවිඩය කියවනු ලැබූ අතර, රට වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වනු ලැබීය. අනතුරුව අනුරාධපුර අභිමංසල - 1 හි සංචාරය කළ අතර, එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන් හට ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කරන ලදි.

එමෙන්ම, නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය ද නව වසර උදාව නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහනක් ඉරිදා (01) දින සෝමාවති රජමහා විහාරයේ දී පවත්වනු ලැබූ අතර, ඊට පසු දින (02) නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ ද හමුදා සම්ප්‍රදායානුකූලව නව වසර උදාව සමරන ලදි.

එහිදි නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟින් නව වසරේ පළමු රාජකාරි දිනය ආරම්භ කරමින් ධජයන් එසවීම, ජාතික ගීය සහ යුද හමුදා ගීය ගායනා කිරීම, රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීම, යුද හමුදාපතිතුමාගේ පණිවුඩය කියවිම, මියගිය රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම මෙන්ම භට පිරිස් ඇමතීම ද සිදු කරනු ලැබීය.

ඉන්අනතුරුව, නැගෙනහිර ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟින මින්නේරිය යුද හමුදා මුලික රෝහලේ සංචාරය කළ අතර, එහි නේවාසික සාමාජිකයින්ගේ සුවදුක් විමසා ඔවුන් හට ත්‍යාග පාර්සල් ද බෙදාදෙන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය ද මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ ප්‍රධානත්වයෙන් එම මුලස්ථාන පරිශ්‍රයේ දී චාම් උත්සවයක් පැවැත් වූ අතර, ධජ එසවීම, ජාතික ගීය සහ යුද හමුදා ගීය ගායනා කිරීම, රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීම, මියගිය විරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්විම, යුද හමුදාපතිගේ නව අවුරුදු පණිවිඩය කියවීම සහ භට පිරිස් ඇමතීම ද ඊට ඇතුලත්විය.මෙම වැඩසටහන අවසානයේ කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා සහ සිවිල් සාමාජිකයින් වෙත ද, කිලිනොච්චි යුද හමුදා මුලික් රෝහලේ ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින් වෙත ද ත්‍යාග පාර්සල් පිරිනැමිම සිදු කෙරිනි. ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

2017 නව වසරේ රාජකාරි කරනු ලබන ප්‍රථම දිනයේ (02) දී මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයත් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සංවිධානය කර තිබුණි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් එහි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බි.පි.එස්. ද සිල්වා ද, බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන කර්නල් එච්. වල්ගම ද පිළිවෙලින් ජාතික ධජය සහ යුද හමුදා ධජය එස වූ අතර, අනතුරුව ජාතික ගීය සහ යුද හමුදා ගීය ගායනා කිරීම, රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීම, යුද හමුදාපතිතුමාගේ පණිවිඩය කියවීම සහ මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි 2 ක නිෂ්ශබ්දතාවයක් පැවැත්විම එම පරිශ්‍රයේ දි සිදුකරන ලදි.

ඉන් අනතුරුව මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිතුමා නියෝජනය කරමින් 64 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් පි. අයි පතිරණ, මුලතිව් යුද හමුදා මුලික රෝහලේ සංචාරයක නිරත වෙමින් එහි නේවාසික රෝගීන්ගේ සුවදුක් විමසා සිටියහ.

එමෙන්ම බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් 2017 නව වර්ෂය සදහා සදුදා (02) දින පනාගොඩ එම මුලස්ථාන පරිශ්‍රයේදී විවිධ වැඩසටහන් සංවිධානය කරන ලදි.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් ජාතික ධජය එසවු අතර බ්‍රිගේඩියර් පාලන හා භකාස බ්‍රිගේඩියර් එම්.ඒ.ඒ.ඩි සිරිනාග විසින් යුද හමුදා ධජය ඔසවන ලැබිය.

අනෙකුත් ආරක්ෂක සේනා මුලස්ථානවල මෙන්ම මෙහිදිද ජාතික ගීය ගායනා කීරිම, යුද හමුදා ගිතය ගායනා කිරිම, රාජ්‍ය සේවක ප්‍රතිඥාව කියවීම, යුද හමුදාපති තුමාගේ පණිවිඩය කියවිම, මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩි 2 ක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීම සිදුකර අතර අනතුරුව නව වසර මෙන්ම භට පිරිස් ඇමතිම සිදුකරන ලදි.

එදින වැඩසටහනේ අවසන් අංගය ලෙස, බටහිර ආරක්ෂක සේනා ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟින් පනාගොඩ යුද හමුදා මුලික රෝහලේ සංචාරය කළ අතර, එහි නේවාසික සාමාජිකයින්ගේ සුවදුක් විමසා ඔවුන් හට ත්‍යාග පාර්සල් ද බෙදාදෙන ලදි.

එමෙන්ම මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය 2017 නව වසර වෙනුවෙන් සදුදා (02) දින විවිධ වැඩසටහන් පවත්වනු ලැබිය.

මෙදින පැවති වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස් විතානගේ සහභාගි වු අතර, එහි දි ධජයන් එසවීම, ජාතික ගීය සහ යුද හමුදා ගීතය ගායනා කීරීම, මියගිය රණවිරුවන් සිහිකිරිම වෙනුවෙන් විනාඩි 2 ක නිෂ්ශබ්දතාවය පැවැත්විම, රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීම, යුද හමුදාපතිතුමාගේ පණිවිඩය කියවීම සිදුකරන ලදි.

අනතුරුව භට පිරිස් ඇමතු ආඥාපතිවරයා ඔවුන් හට සුභ පැතුම් ද එක් කලහ. එදින අවසාන අංගය ලෙස මධ්‍යම ආඥාපතිවරයා දියතලාව මුලික රෝහලේ සංචාරය කල අතර එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා සිටියහ. එමෙන්ම සියළු ආරක්ෂක සේනා මුලස්ථානයන් හි නව අවුරුදු උදාව වෙනුවෙන් සංස්කෘතියට ආවේණික වු රස කැවිලි වලින් සමන්විත තේ පැන් සංග්‍රහයන් පැවැත්වු අතර එහිදි නිලධාරින් හා සෙසු නිලයින් නව අවුරුදු උදාව සමරමින් එකිනෙකාට සුභ පැතුම් එක්කර ගත්හ.

Running Sneakers Store | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp