Header

Sri Lanka Army

Defender of the Nation

04th January 2017 09:16:15 Hours

නැගෙනහිර ආඥාපති සිවිල් සමාජ නායකයින් අමතයි

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ මහ ලේකම් ආචාර්ය වින්යා ආරියරත්නගේ සංවිධානයෙන් නැගෙනහිර ප්‍රදේශයේ හොඳ හිත සහ අවබෝධය ඇති කිරිමේ අරමුණින් නැගෙනහිර ආරක්ෂක සේනා බලප්‍රදේශය තුල සිටින ආගමික නායකයින්, ප්‍රජා නායකයින්, බුද්ධමතුන්, සමාජ සේවකයින්, අධ්‍යාපනඥයින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරතවුවන්, පරිසරවේදීන් මෙන්ම නැගෙනහිර ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වන ලදි.

2016 දෙසැම්බර් මස 28 දින මඩකලපුව, සතුරුකොන්ඩාන්හි පිහිටි සර්වෝදය අධ්‍යාපන සංවර්ධන ආයතනයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ආරාධිතයින් 45 කට වැඩි පිරිසක් සහභාගි වූ අතර, සංවිධායකයින්ගේ ආරාධනයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මෙහි මුලසුන හෙබවිය.

මෙම හමුවේ දී සාමාජීය, ආගමික, කෘෂිකාර්මික, නේවාසික සහ ආර්ථික ඇතුලු ප්‍රදේශයේ ජනතාවට වැදගත් වන කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතර, සහභාගිවුවන් කිහිපදෙනෙක් සාකච්ඡාව අතරතුර සිය අදහස් ද ඉදිරිපත් කරන ලදි. නැගෙනහිර ආඥාපතිතුමා සිය රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මෙවැනි පිරිසක් හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

මෙම සාකච්ඡාව අවසානයේ මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි රැස්ව සිටි පිරිස අමතමින් එම ප්‍රදේශයේ සාමය සහ ජනවාර්ගික සමගිය මඟින් ආර්ථික ඉලක්ක කරා පහසුවෙන් ගමන් කළ හැකි බවත්, එමඟින් දිළිඳුකම පිටුදැකිම මෙන්ම ජිවන මට්ටම ඉහළදැමිමට හැකිවන බවත්, මෙම අභියෝග ජයගැනීම මහජනතාවගේ සාමුහික වගකීමක් බවත් පවසන ලදි.

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.ඩබ්.එස්.ඩි.බි. පනන්වල, 24 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්.එම්.මුදලිගේ සහ 231 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.ඩි.එස්.පි. නිවුන්හැල්ල ද මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

latest Nike Sneakers | Nike - Shoes & Sportswear Clothing