Header

Sri Lanka Army

Defender of the Nation

04th January 2017 09:09:34 Hours

‘ගාර්ඩියන්ස් මේලා’ නැරඹිමට දැවැන්ත ජනකායක්

කුරුණැගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථානය මඟින් සංවිධානය කරනු ලැබූ ‘ගාර්ඩියන්ස් මේලා’ දෙදින වෙළඳ ප්‍රදර්ශනය සහ සංගීත සැදැව - 2016 සෙනසුරාදා (31) දින මාලිගාපිටිය ක්‍රීඩාංගනයේ දී අවසන් වූ අතර, ඒ සඳහා වාර්තාගත ජනකායක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ.පි.ද ඉසෙඩ්. වික්‍රමරත්නගේ මඟපෙන්විම යටතේ එම බලමුළු භට පිරිස් විසින් මෙම විවිධ විනෝදාත්මක අංග සහ සංගීත සැඳැව සංවිධානය කරනු ලැබීය. එසේම මේ සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.එච්.එම්.ඩබ්. තම්මිට ද සිය සහයෝගය ලබාදෙන ලදි.

මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්නගේ ආරාධනයකට අනුව දෙසැම්බර් මස 30 වන දින ආරම්භ වූ මෙම සැණකෙලිය උත්සවාකාරයෙන් විවෘත කිරීම වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි මහත්මිය විසින් සිදු කෙරිනි.

වෙළඳ ප්‍රදර්ශනය සහ සංගීත සැදැව මඟින් ලැබෙන අරමුදල් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සුබසාධක අරමුදල වෙත බැර කරනු ලැබේ. මෙහි වෙළඳ කුටි උත්සව භාණ්ඩ, රෙදිපිළි, වියළි ආහාර, අත්‍යාවශ්‍ය බඩුබාහිරාදිය සහ නිමි ඇඳුම් ඇතුලු විවිධ දේ වලින් සමන්විත වූ අතර, සංගීත සැදැව මඟින් මෙම සැණකෙලිය තවත් වර්ණවත් විය.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සංස්කෘතික නැටුම් කණ්ඩාමය සහ ‘මාතලී’ කලායතනය සිසුන් මඟින් මෙම සැඳැව අලංකාරවත් විය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මධ්‍යස්ථාන සේනාවිධායක, කවුන්සිල සාමාජිකයින්, නියෝජ්ය මධ්‍යස්ථාන සේනාවිධායක, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු ඒකක අණදෙන නිලධාරීවරුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

spy offers | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp