03rd January 2017 10:29:58 Hours
පොලිසිය ලබාදුන් හදිසි ඇමතුමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාව යටතේ රාජකාරි කරනු ලබන 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා රයිෆල් බලකායේ නිලධාරීන් 2 ක් සහ සෙසු නිලයින් 20 ක් විසින් මහනුවර පිහිටි හන්තාන කඳු ප්‍රදේශයේ සෙනසුරාදා (31) දින උදෑසන සංචාරය කරමින් සිටිය දී අතරමන් වූ කාන්තාවන් 05 ක් ද ඇතුලු සිවිල් වැසියන් 07 දෙනෙක් බේරා ගන්නා ලදි.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් කෙටි පණිවිඩයකට අනුව යුද හමුදා සාමාජිකයින් පොලිස් සමාජිකයින් සමඟ එක්ව පැය 7 – 8 ක කාලයක් මෙම සිවිල් වැසියන් 07 දෙනා සෙවිමේ කටයුතු සිදු කළ අතර, අවසානයේ ඔවුන් නිරුපත්ද්‍රිතව සොයා ගැනීමට ඔවුනට හැකිවිය.
Nike Sneakers Store | Nike Air Max 270