Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2017 09:31:46 Hours

සමාජ විරෝධි ක්‍රියාකාරකම් පිළිබඳ ගැමුණු හේවා බලකා භට පිරිස් දැනුවත් කෙරේ

යුද හමුදා මුලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලැබූ ‘සමාජ විරෝධි ක්‍රියාකාරකම්’ පිළිබඳව ගැමුණු හේවා බලකා භට පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (30) දින කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මුලස්ථාන, ඒ යටතේ වූ සේනාංක, බලසේනාවන්හි යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරනු ලැබේ.

ගැමුණු හේවා බලකායේ නිලධාරීන් 08 ක් සහ සෙසු නිලයින් 204 ක් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගි වූ අතර, මෙහි දේශන සඳහා යුද හමුදා මානසික සෞඛ්‍ය ඒකකය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය සහාය දැක්විය.

නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ මේජර් වින්දයා ජයසූරිය, ලුතිතන් ප්‍රසාද් පේදුරුහේවා සහ ලුතිතන් ප්‍රසන්න සමරකොන් ද මෙහි දේශන පැවැත් වූ අතර, මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ අජිත් නවගමුව මහතා ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Nike shoes | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival