Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2017 15:15:47 Hours

"රටේ ප්‍රගතිය වෙනුවෙන් අප දැඩිව කැපවී ක්‍රියාකළ යුතුයි" - යුද හමුදාපති

රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වී අතිගරු ජනාධිපතිතුමාගේ ‘ඳිළිදුකම පිටුදැකීමේ වර්ෂය’ වැඩසටහන සඳහා සහයෝගය ලබා දීම මෙන්ම රටේ සමෘද්ධිය සඳහා අඛණ්ඩව කැපවීම හා සියලුම මට්ටම්වල විනය උසස් මට්ටමින් පවත්වා ගැනීමත් වෘත්තීය මට්ටමින් 2017 වර්ෂයේ දී යුද හමුදාවේ ප්‍රමුඛතාවය විය යුතුබව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (02) දින යුද හමුදා මුලස්ථානයේ පැවති උත්සවයේ දී නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් අවධාරණය කරන ලදි.

මෙම අවස්ථාවේ දී හමුදා සම්ප්‍රදායානුකුලව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ජාතික ධජයත්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න ගුණතිලක විසින් යුද හමුදා ධජයත් එසවිය. අනතුරුව ජාතික ගීය සහ ‘සාගරයෙන් වට - මේ මගේ මව් රට’ නම් වූ යුද හමුදා ගීතය ද සියල්ලෝම ගායනා කලහ.

එමෙන්ම පෙරවරු 9.15 ට දේශය වෙනුවෙන් තම දිවි පුද කළ සියල්ලන් සිහිපත් කොට විනාඩියක කාලයක් නිශ්ශබ්දව සිට ඔවුන්ට ගෞරව දැක්වීමට සැම දෙනා එක්වූහ.

එකම රටක් එකම ජාතියක් සහ එකම ධජයක් යන හැඟීමෙන් මහජනතාවට සහ රටට සේවය කළ යුතු බවට වන ප්‍රතිඥාව විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.එස් ද ඉසෙඩ් වික්‍රමරත්න මෙහි දී සිහිපත් කළේ නව වසරේ වැඩ ආරම්භ කළ ප්‍රථම දිනයේ වැදගත්කම සිහිපත් කරමිනි. එමෙන්ම යුද හමුදා මුලස්ථාන උත්සවයට සමගාමිව දිවයින පුරා පිහිටි සියලුම යුද හමුදා කඳවුරු තුල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිනි.

යුද හමුදාපතිතුමා සිය කතාවේ දී යුද හමුදා මුලස්ථානය මඟින් ලබාදෙන මඟපෙන්විම සහ උපදෙස් අනුව වැඩකිරීමේ වැදගත්කම අවධාරණය කළහ. එමෙන්ම මහජන මුදල් පරිහරණයේ දී වගකීමෙන් යුතුව ක්‍රියාකළ යුතු බව ද පවසා සිටියහ.

රාජකාරින් හැකි උපරිමයෙන් සහ කැමැත්තෙන් ඉටු කළ යුතු බවත් අපගේ වැටුප් මහජන මුදලින් ලබාගන්නා බවත් පවසන ලදි. එමෙන්ම “අප වෙනස්ම ආයතනයක්, මව්බිම රැකගැනීම වෙනුවෙන් සෑම අවස්ථාවක දීම අප කැප වී සිටියි. එය අපට මහත් ආඩම්බරයක්” යනුවෙන් පැවසීය.

අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයෙන් අද දින උත්සවයේ පළමු අදියර අවසන් වූ අතර, මේ අවස්ථාවේ දී යුද හමුදාපතිතුමා විසින් පැමිණ සිටි අයවළුන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරත විය.

තවද, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා 2017 නව වසර වෙනුවෙන් නිකුත් කරන ලද ඔහුගේ පණිවුඩය මඟින් යුද හමුදාව තම සේවය මහත් කැපවීමෙන් සිදුකළ යුතු බවත් තම ජාතියට පක්‍ෂපාතීව කැපවී ක්‍රියාකළ යුතු බවත්, අන්‍යෝන්‍ය සම්බන්ධතාවය, ඒකත්වය හා සමගිය ප්‍රවර්ධනය කළ යුතු බවත් අවධාරණය කර ඇත.(යුද හමුදාපතිතුමා විසින් 2017 වර්ෂය සඳහා නිකුත් කරන ලද පණිවුඩය)

Nike sneakers | Mens Flynit Trainers