Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2017 10:41:20 Hours

65 වන සේනාංකයේ සංවිධානයෙන් නත්තල් කැරොල් ගී

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක භට පිරිස් විසින් තේවාන්පිඩ්ඩි රෝමානු කතෝලික දේවස්ථානයේ සහ මුලන්කාවිල් අවර් ලේඩි ඹෆ් ද රොසරි දේවස්ථානයේ අරුල් කුමාරන් පියතුමා සමග සම්බන්ධතාවයෙන් යුතුව නත්තල් කැරොල් ගී ප්‍රසංග ද්විත්වයක් දෙසැම්බර් මස 27 සහ 28 යන දෙදින තුල තේවාන්පිඩ්ඩි සහ වෙල්ලන්කුලම් දේළුස්ථාන පරිශ්‍රයන්හි දී සිදු කරන ලදී.

අරුල් කුමාරන් පියතුමාගේ දායකත්වයෙන් තේවාන්පිඩ්ඩි පැවති නත්තල් කැරොල් ගී සංදර්ශණය සඳහා වැඩි වශයෙන් ළමුන් සහ බැතිමතුන් සහභාගි වූ අතර, යුද හමුදා සාමාජිකයින්ද සහභාගි වූහ. 

මෙම අවස්ථාවේ දී නත්තල් පණිවිඩය මඩු දේවස්ථානයේ ජ්‍යෙෂ්ඨ පූජක එමිලියන් පිල්ලෙයි පියතුමා විසින් සිදු කරන ලදී.

මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සංගීතයෙන් නර්ථනයෙන් සහ යාඥා සැසිවලින් අලංකාරවත් විය.

මෙම වැඩසටහන අතරතුර දී 15 වන (ස්වේච්ඡා) සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් පාසල් සිසුන් සඳහා ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරන ලදී.

එම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශවසීන් විශාල පිරිසක් සහභාගි වූහ.

මේ අතර බදාදා (28) දින මුලන්කාවිල් හි පිහිටි අවර් ලේඩි ඹෆ් ද රොසරි දේවස්ථානයේ පරිශ්‍රයේ ද නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන සමගින් මුලතිව් ඉරිදා දහම් පාසලෙහි අධ්‍යක්ෂක එෆ්.ඒ බෙනට් පියතුමා සහභාගි විය.

11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් දේවස්ථාන පරිශ්‍රය අලංකාර කරනු ලැබීය.

651 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ආර් අබේසිංහ, බුවනෙක නාවික හමුදා කදවුරේ අණදෙන නිලධාරී කොමදෝරු ඉන්දික සිල්වා, මුලන්කාවිල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් ආරියවංශ මෙම් අවස්ථාව සඳහා එක්ව සිටියහ.

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීම යටතේ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධනගේ අධීක්ෂණය යටතේ පැවැත් වූ මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් සාමජිකයින් අතර සම්බන්ධතාවය තව තවත් වර්ධනවය කර ගැනීම වේ.

affiliate link trace | Men's Footwear