Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2016 21:15:02 Hours

‘සයිබර් ආරක්ෂාව’ පිළිබඳ කිලිනොච්චි සහ යාපනය භට පිරිස් දැනුවත් කෙරේ

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් ‘සයිබර් ආරක්ෂාව’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (29) දින කිලිනොච්චි 'නෙළුම් පියස' ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

තවද මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්විම මත ක්‍රියාත්මක කෙරිනි.

'සයිබර් ආරක්ෂාව, බලපෑම් සහ ඒ පිළිබඳ දැනුම' වැඩිදියුණු කිරීම මෙන්ම එය වළක්වාගැනීමේ පියවර පිළිබඳව යුද හමුදා සාමාජිකයින් දැනුවත් කිරීම මෙම වැඩමුළුව පැවැත්විමේ අරමුණු විය.

තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් තොරතුරු තාක්ෂණ ලුතිතන් කර්නල් ජි.එන්.යු. ජයරත්න විසින් මෙහි දේශණ පැවැත්වූ අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 250 ක් සහභාගි වූහ.

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එස්.ඩබ්.එම්. ප්‍රනාන්දු සහ 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් පි.ඩබ්.එම්.එම්.ඩි. විජේරත්න ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

එමෙන්ම, 'සයිබර් ආරක්ෂාව' පිළිබඳ එවැනිම වැඩසටහනක් බදාදා (28) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ තොරතුරු තාක්ෂණ නිලධාරීන් සහ සෙසුනිලයින් 350 ක් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගි වූහ.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මේ සඳහා එක්ව සිටියහ.

Nike Sneakers | Nike Shoes, Sneakers & Accessories