Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2016 20:33:41 Hours

යාපනය සහ මධ්‍යම භට පිරිස් සිවිල් නීතිය පිලිබඳව දැනුවත් කරයි

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51,52 සහ 55 යන සේනාංකයන්හි භට පිරිස් සඳහා සිවිල් නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් දෙසැම්බර් මස 11 වන දින සිට 15 වන දින දක්වා එම සේනාංක මූලස්ථානයන්හි වෙන්වෙන් වශයෙන් පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුවේ දී සමාජ විරෝධි කියා කාරකම් පිලිබඳවද අදහස් දක්වනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා නිවාරණ වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සහ පලාලි යුද හමුදා මූලික රෝහල සිය සහයෝගය දක්වනු ලැබීය.

නිවාරණ වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ලුතිතන් කර්නල් ජේ.ඒ.යූ.ජේ.පී ජයසූරිය සහ නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ කපිතාන් ඩි.ජි.එස්.ටි.කේ. විජේරත්න විසින් මෙහි දේශන පැවැත්විය.

මෙම වැඩමුළුව සඳහා යුද හමුදා සාමාජිකයින් 642 ක් සහභාගි වූහ.

එමෙන්ම, තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාව විසින් එම බලසේනා ශ්‍රවණාගාරයේ දී සඳුදා (26) දින පවත්වන ලදි.

එහිදි මොණරාගල, අධිකරණයේ නීතිඥ නිලුදා රත්නායක මහත්මිය විසින් දේශන පැවැත්විය.

නිලධාරීන් 03 ක් සහ සෙසු නිලයින් 35 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 38 දෙනෙක් මේ සඳහා සහභාගි වූහ.

121 බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.එන්.එන්. කොස්වත්ත, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

buy footwear | Air Jordan 1 Mid - Collection - Sb-roscoff