Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2016 21:20:02 Hours

24 වන සේනාංකයේ සංවිධානයෙන් අම්පාර නත්තල් කැරෝල් ගී ප්‍රසංගයක්

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංක භට පිරිස්, අම්පාර ශාන්ත ඉග්නේෂියස් කතෝලික දේවස්ථානය සමඟ එක්ව බ්‍රහස්පතින්දා (27) දින එම දේවස්ථාන පරිශ්‍රයේදී නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් සංවිධානය කරන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ආරාධනයෙන් එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රත්නපුර රදගුරු අතිඋතුම් සෙල්ටස් සී පෙරේරා පියතුමා සහභාගි වූ අතර, දමිල සහ ඉංග්‍රීසි භාෂාවෙන් බැති ගී ගායනා කරන ලදි. මේ සඳහා 24 වන සේනාංක කණ්ඩායම, යුද හමුදා කණ්ඩායම සහ සිවිල් බැති ගී කණ්ඩායම් ද සහභාගි වුහ.

එමෙන්ම අම්පාර මීසම් පාලක පූජ්‍ය බැස්ටියන් පියතුමන් විසින් නත්තල් පණිවිඩය ඉදිරිපත් කරනු ලැබීය.

යුද හමුදා බැති ගී කණ්ඩායම සහ වාදක කණ්ඩායම මෙම තැරොල් ගී ප්‍රසංගය සඳහා සංගීතය සැපයූ අතර, යුද හමුදා නර්ථන කණ්ඩායමෙන් මෙම අවස්ථාව තවත් වර්ණවත් විය. තවද, කල්මුනේ, කල්ලාර්, සොරිකල්මුනේ, අක්කරෙයිපත්තු, ඉගිනියාගල සහ අම්පාර යන ප්‍රදේශයන්හි තරුණයින් ද මේ සඳහා එක්ව සිටියහ.

මෙම අවස්ථාව සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් ටී.පී වනිගසිංහ මහතා, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, 24 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.ඩබ්ලිව්.එස්.ඩබ්ලිව් පනන්වල, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති මේජර් ජෙනරාල් එම් මුදන්නායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් සිය ගණනක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Authentic Nike Sneakers | Air Jordan Release Dates Calendar