Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2016 10:23:45 Hours

මුලතිව් සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන බදාදා පුහුණු වැඩසටහන් පවත්වයි

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරිනඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සඳහා බදාදා (28) දින පුහුණු වැඩසටහන් දෙකක් පවත්වන ලදි.

එහිදි 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ටි.එම්.එන්.ඩි. තෙන්නකොන් විසින් ‘Army Radio Relay Network’ සහ ‘Army Data Network’ යන මාතෘකාව යටතේ දේශනයක් ද, 6 (ස්වේච්ජා) සන්නද්ධ බුද්ධි බලකායේ සැරයන් ආර්.ජි. සුසන්තලාල් විසින් ‘Security Clearance’ යන මාතෘකාව යටතේ දේශනයක් ද පවත්වනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.

එමෙන්ම, එදිනම තවත් බදාදා පුහුණු වැඩසටහනක් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී පවත්වන ලදි.

එම වැඩසටහනේ දී 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් එන්.බි. සංජීව විසින් ‘Cyber Security in Tactical Level’ යන මාතෘකාව යටතේ ද, බණ්ඩාරවෙල, පොලිස් ස්ථානයේ රථවාහන අංශයෙහි රාජකාරි නියුතු සැරයන් සිසිර කරුණාරත්න විසින් ‘මහජන සාමයට විරුද්ධ නීති විරෝධි රැස්විම් විසුරුවා හැරීම’ යන මාතෘකාව යටතේ ද දේශන පැවැත්විය.

මේ සඳහා නිලධාරීන් නිලධාරීන් 10 ක් සහ සෙසු නිලයින් 70 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 80 දෙනෙක් සහභාගි වූහ.

bridge media | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5