Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2016 11:36:52 Hours

නැගෙනහිර ආඥාපති 6 (සෙව්) ශ්‍රීලයුපොදුසේබ මුලස්ථානයේ සංචාරයක

නැගෙනහිර ආරක්ෂක සේනා නව ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පසුගිය සඳුදා (19) දින කන්තලේ ප්‍රදේශයේ කන්දකාඩුහි පිහිටි 6 (සෙව්) ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

එහිදි අණදෙන නිලධාරී විසින් උණුසුම් අයුරින් නැගෙනහිර ආඥාපතිතුමන් පිළිගැනීමෙන් අනතුරුව භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි.

ආඥාපතිතුමා වෙත සියලුම ඒකක නිලධාරීන් හඳුන්වාදීමෙන් අනතුරුව අණදෙන නිලධාරී විසින් සිය රාජකාරින් පිළිබඳ පැහැදිලි කිරීමක් ද සිදු කළහ. තවද එහිදි ආඥාපතිතුමා භට පිරිස් ඇමතීම ද සිදු කරන ලදි.

කඳවුරු සංචාරයෙන් අනතුරුව, නැගෙනහිර ආඥාපතිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා ද සහභාගි විය.

best shoes | Nike Air Force 1 , Sneakers , Ietp STORE