23rd December 2016 11:30:56 Hours
යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන සම්බන්ධීකරණයෙන් 51 වන සේනාංකය විසින් නත්තල් කැරොල් ගී සංදර්ශණයක් සඳුදා (19) දින යාපනය ශාන්ත මරියා දේවස්ථානයේ දී සංවිධානය කරන ලදී.
යාපනය රදගුරු අතිඋතුම් ජස්ටින් ඥානප්‍රකාශ් පියතුමාගේ මූලිකත්වයෙන් යුද හමුදා භට පිරිස් කණ්ඩායමක් පාසල් සිසුන් සමගින් නත්තල් කැරොල් ගී ප්‍රසංගය සඳහා එක් වූ අතර, එම අවස්ථාව සඳහා ආගමික නායකයින්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, සම්භාවනීය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගි වූහ.
එම අවස්ථාවේදී රදගුරු ජස්ටින් ඥානප්‍රකාශ් පියතුමා විසින් නත්තල් පණිවිඩය ද ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මෙම කැරොල් ගී සංදර්ශණය ඉතා වර්ණවත් අයුරින් පැවැත්විණි.
එමෙන්ම දෙසැම්බර් මස 22 වන දින වන තෙක් යාපනය අර්ධද්වීපයේ විවිධ නගරයන් හි නත්තල් ජංගම කැරෝල් ගී ගායන වැඩසටන් සූදානම් කර ඇත.
වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන මගින් යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන් අතර, සුහදත්වය තව තවත් වර්ධනය වේ.
මෙම නත්තල් කැරොල් උත්සවය වර්ණවත් කිරීම සඳහා යුද හමුදා භට පිරිස් සහ යාපනය පාසල් සිසුන් සමඟ කදාන ද මැසිනෝඩ් විද්‍යාලයේ සිසුන් ද එක් වූහ.
මේ අතර, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ 51 වන සේනාංකාය යටතේ ස්ථාපිත 515 බල සේනාවේ භට පිරිස් විසින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ආශිර්වාදය මත නත්තල් කැරෝල් වැඩසටහනක් කීරමලෙයි හි නල්ලිනක්කපුරම් හි පිහිටි තම කදවුරු භුමියේ අගහරුවාදා (20) දින පවත්වන ලදි.
මෙම නල්ලිනක්කපුරම් ග්‍රාමය යාපනය කීරමලෙයි ප්‍රදේශයේ ප්‍රතිසංදාන වැඩසටහන යටතේ අලුතින් පදිංචි කරවන ලද ගම්මානයකි.
එදින සන්ධ්‍යාවේ යුද හමුදා සෙබලුන්ගෙන් සමන්විත බැති කණ්ඩායම විසින් ඉතා වර්ණවත් නත්තල් ගී, නැටුම් සහ යාච්ඤා සැසි ඉදිරිපත් කරන ලදි. මෙම අවස්ථාව යාපනය ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා සහ සිවිල් ජනතාව අතර, සම්බන්ධතාවය විදහා පෑ අවස්ථාවක් විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා සහභාගි වු අතර මානිප්පායි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බ්‍රයන් පියතුමා, ආගමික නායකයින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයින් සහ සිවිල් ජනතාව ද එක්ව සිටියහ.
එමෙන්ම, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය විසින් ද සඳුදා (21) දින මුලතිව් ශාන්ත පීතර දේවස්ථානයේ දී නත්තල් කැරොල් වැඩසටහනක් පැවැත්විය.
මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දුගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චිගේ මඟපෙන්විම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ.
තවද, මේ සඳහා මුලතිව් මහා විද්‍යාලයේ සහ රෝමාණු කතෝලික විද්‍යාලයේ බැති ගී කණ්ඩායම් සහභාගී විය.
ඉන්අනතුරුව, පාසල් ළමුන් 100 ක් සඳහා පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදාදෙන ලදි.
නිලධාරීන්, සෙසු නිලයින් සහ ගම්වැසියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
මීට අමතරව, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය 57 වන සේනාංකය සමඟ එක්ව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ මඟපෙන්වීමෙන් මත සිකුරාදා (23) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී නත්තල් කැරොල් වැඩසටහනක් පැවැත්විය.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය රදගුරු අති උතුම් බර්නාඩ් ඥානප්‍රකාශ් පියතුමා සහභාගි විය.
මෙම උත්සවයේ වැදගත්කම අවධාරණය කරමින් නත්තල් පණිවිඩය ද එහිදි ඉදිරිපත් කළහ.
තවද, කිලිනොච්චි ශාන්ත තේරේසා දේවස්ථානයේ, භාරතීපූරම් බැෆ්ටිස් දේවස්ථානයේ, පරන්තන් මෙතෝදිස්ත දේවස්ථානයේ සහ කරුණානිලියම් ශාන්ත පාවුලු දේවස්ථානයේ තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කළ නර්තනාංග මඟින් මෙම උත්සවය තවත් වර්ණවත් විය.
කුඩා ළමුන් සහ නත්තල් කැරොල් කණ්ඩායම වෙත ත්‍යාග පාර්සල් 100 බෙදාදීම ද මෙහිදි සිදු කෙරිනි.
57 සහ 65 වන සේනාංකවල සේනාංකාධිපතිවරුන්, යුද හමුදා, ගුවන් හමුදා සහ පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් ඇතුලු සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Authentic Sneakers | Air Jordan