Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2016 11:30:00 Hours

59 වන සේනාංකය සිය සංවත්සරය සමරයි

59 වන සේනාංක භට පිරිස් විසින් සිය 9 වන සංවත්සරය නිමිත්තෙන් එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චිගේ මගපෙන්වීම යටතේ නන්දිකඩාල්හි පිහිටි සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව සංවත්සර දිනයේ දී 59 වන සේනාංකයේ සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනැමිම සිදුකෙරිනි. එදින සන්ධ්‍යාවේ (දෙසැම්බර් 14) පිරිත් සජ්ජායනාවක් ද, පසුදින දානමය පිංකමක් ද පැවැත්විය. 59 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සහා එක්ව සිටියහ.jordan release date | Women's Designer Sneakers - Luxury Shopping