Header

Sri Lanka Army

Defender of the Nation

20th December 2016 14:34:11 Hours

653 බලසේනාවේ භට පිරිස් විසින් සිවිල් වැසියන්ගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා කුකුලන් බෙදා දේ

653 බලසේනාවේ භට පිරිස් විසින් කිළිනොච්චි හි පිහිටි ආලන්කුලම් සහ තෙරන්දකන්ඩාල් ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් යුතුව ඔවුන් හට කුකුලන් බෙදා දීමේ වැඩසටහනක් සිකුරාදා (16) දින තෙරන්දකන්ඩාල් ප්‍රජා ශාලාවේ දී පවත්වනු ලැබීය.

මෙහිදී පවුල් 50 ක් වෙනුවෙන් කුකුලන් සිය දෙනෙකු බෙදා දීම සිදු කරන ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධනගේ අනුග්‍රහයෙන් යුතුව 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජිත් බාලචන්ද්‍ර විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කිළිනොච්චි ජනාතාවගේ ආර්ථික හා සමාජීය ජීවන තත්වයන් නගා සිටුවීම අරමුණ කොට අඩු ආදායම්ලාභී පවුල් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජිත් බාලචන්ද්‍ර, තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරීවරුන්, ගම්වාසීන් සහ සිවිල් වැසියන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

bridgemedia | Nike, adidas, Converse & More