17th December 2016 15:55:47 Hours
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව අවශ්‍යතාවය මත යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය යටතේ බ්‍රහස්පතින්දා (15) දින වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ මියගිය තවත් යුද හමුදා නිලධාරීයෙකුගේ පවුලේ සමාජිකයින් වෙනුවෙන් නව නිවසක් පිරිනමන ලදි.
6 (සෙව්) ඉංජිනේරු සේවා බලකා භටපිරිස් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද මෙම නව නිවස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවය කර මියගිය මේජර් ඒ.එච්.එම්. මරුසු නිලධාරිගේ බිරිඳ වෙත පිරිනැමිම එහිදි සිදුකෙරිනි.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ ආරාධනයට අනුව මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගි වූ අතර, හදිසියේ මියගිය මේජර් ඒ.එච්.එම්. මරුසු නිලධාරිගේ බිරිඳ වන වේලුපිල්ලේ මනෝ දයාලිනි මහත්මිය වෙත මෙම නිවාසෙහි යතුරු ප්‍රදානය කිරිම ද එතුමා විසින් සිදු කරන ලදි.
යුද හමුදාවේ සංහිඳියාව සහ සහජීවනය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිගේ නිර්දේශයකට අනුව ඉඩමක් මිළදීගෙන නව නිවසක් ඉදිකරදීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ද ලබාදෙන ලද අතර මෙම නිවසේ වටිනාකම රුපියල් මිලියන 7.2 ක් වේ.
බෞද්ධ හා හින්දු ආගමික වතාවත් හා චාරිත්‍ර අනුව පැවැත් වූ මෙම චාම් උත්සවයෙන් අනතුරුව සම්භාවනීය අමුත්තන් විසින් මෙම පවුලේ සාමාජිකයින් වෙත සුභපැතුම් ද එක් කළහ.
මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, යුද හමුදාපතිතුමා නියෝජනය කරමින් මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා, එම පවුලේ ළඟම ඥාතීන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.
Sports Shoes | Sneakers