Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2016 15:44:12 Hours

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයෙන් තවත් කෙඩෙට් නිලධාරීන් 124 ක් අධිකාරියට පත් කෙරේ

මව්බිමට සේවය කිරිමේ අරමුණින් ජාතියට දායාද කරනු ලැබූ තවත් කෙඩෙට් නිලධාරීන් 124 ක් කාන්තා නිලධාරීනියන් ද ඇතුලුව විසිරයාම අද (17) උදෑසන දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ දී උත්සවාකාරයෙන් පැවැත්විය.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සහ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායකගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහභාගි විය.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨ පිවිසුම් දොරටුව අභියස දී ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත හමුදා සම්ප්‍රදායානූකුලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබිය.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 82 සහ 82 B මෙන්ම කාන්තා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 14 A, ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 56 A සහ ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 13 A යටතේ පුහුණුවිම් ලැබූ මෙම කෙඩෙට් නිලධාරීන් වෙත අධිකාරිය සංකේතවත් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අසිපත් පිළිගැන් වූ අතර, ඉන් අනතුරුව අධිකාරියට පත් කෙඩෙට් නිලධාරීන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත ආචාර පෙළපාලියක් ද පිරිනමන ලදි.

ඊට ප්‍රථමයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තැමිපත් කල අතර, අනතුරුව මියගිය රණවිරුවන් සිහිකරමීන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදි.

මෙම විසිරයාමේදී නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 82 යටතේ කෙඩෙට් නිලධාරීන් 39 ක්, පාඨමාලා අංක 82 B යටතේ කෙඩෙට් නිලධාරීන් 80 ක්, නිත්‍ය කාන්තා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 14 A යටතේ කෙඩෙට් නිලධාරීනියක්, ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 13 A යටතේ කෙඩෙට් නිලධාරීනියන් 03 ක් සහ ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 56 A යටතේ කෙඩෙට් නිලධාරීන් 03 ක් ද අධිකාරියට පත් කරන ලදී.

ඉන් අනතුරුව දෙමාපියන් විසින් නව උපාධිධාරීන්ගේ උරහිසෙහි ජනාධිපති අධිකාරිය සංකේතවත් කරමින් නිළ ලාංඡන පළඳවන ලදි.

එමෙන්ම පාඨමාලාවේ දී දක්ෂතා දැක්වූවන් වෙත කුසලාන හා ජය සංකේත පිරිනැමිම ද මෙහිදි සිදු විය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පින්තුරයක් ඔහුගෙන් වු සේවාව ඇගයීමක් ලෙස කෙඩෙට් නිලධාරී නිවස්නයේ නිරාවරණය කිරීම ද මෙහිදි සිදුවිය.

තවද, කෙඩෙට් නිලධාරීන්ගේ අවසන් ඉදිරිපත් කිරීම (presentations) කර්නල් ෆස්ලි ලාෆීර් අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පෙරදින පස්වරුවේ පැවත් වූ අතර, මේ සඳහා යුද හමුදාපතිතුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ආර්.ඩබ්.ඩබ්.ඒ.ඩි.බි. රාජගුරු, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ කෙඩෙට් නිලධාරීන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

රණවිරැසේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය හා යුද හමුදා සේවා වනිතා ඒකකයේ . ගරු සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය ද සමිභාවනීය අමුත්තන් ලෙස මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.

Sports brands | Entrainement Nike