Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2016 15:00:41 Hours

‘පාබල මේලා - 2016’ හික්කඩුවේ දී

ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ වාර්ෂික ව්‍යාපෘතියක් වන ‘පාබල මේලා - 2016’ ප්‍රදර්ශනය හා සැණකෙළිය අද (16) සන්ද්‍යාවේ හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරිනි.

දෙදිනක් පුරා පැවැත්වෙන මෙම දැවැන්ත සැණකෙළියේ දී ෆ්ලැෂ්බැක් (16) හා සනිධප (17) සංගීත කණ්ඩායම් සන්දර්ශන පවත්වනු ලබන අතර, යුද හමුදා පිරික්සුම් පහන් සන්දර්ශන, සුනඛ සන්දර්ශන මෙන්ම තුර්යවාදක හා සරඹ සන්දර්ශන තුළින් මෙම සැණකෙළිය තවත් වර්ණවත් වේ. තවද, මෙමඟින් ලැබෙන මුදල් ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සුබසාධන කටයුතු සඳහා යොදවනු ලැබේ.

මෙහි ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි විය.

Authentic Nike Sneakers | Air Jordan Release Dates 2020